IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


19 ආපස්සට හරවන්න දෙන්නේ නෑ

(බිඟුන් මේනක ගමගේ) 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඑන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඊට සුදුසුම ක්‍රමය එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එය ඇතුලත් කර ඊට ජනවරමක් ලබා ගැනීම යැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒකාධිපතිභාවය නැතිකරන්නට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනආවේ ජනවරමක් අනුව යැයි ද 19 යනු ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයක් යැයි ද පරණවිතාන මහතා කීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමාසහිතකම් ඇති බව ජාතික හෙළ උරුමය පිළිගන්නා නමුත් එය පාර්ලිමේන්තුව මගින් නිවැරැදි කරනු විනා ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැරවීමට කිසිසේත් ඉඩ දිය යුතු නැතැයි නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යනු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ ප්‍රතිපලයක් යැයි ද 2015 අගෝස්තුවේ දී මෙරට නිදහස් හා සාධාරණතම මහමැතිවරණය පවත්වන්නට හැකිවූයේ ඒ නිසා යැයි ද පරණවිතාන මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා එක්ව පසුගිය ඔක්තෝම්බරයේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කළ හෙතෙම එය පරාජය කිරීමට හැකිවූයේ ද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම නිසා යැයි ද කීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය ආපස්සට හැරවුවහොත් නැවත රට ගමන් කරනු ඇත්තේ ඒකාධිපතිවාදයකට යැයි ද එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් නොවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

19 ආපස්සට හරවන්න දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site