IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


17 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි රාජිතට සිතාසි

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් රාජිත සේනාරත්න මහතාට අද (13) සිතාසි නිකුත් කළේය.

සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමූ බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර පසුව රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදුන්නේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවත දමා රාජිත සේනාරත්න මහතා රීමාන්ඩ් භාරයට පත්කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේදී බොරු රැවුල්වලින් සරසා පුද්ගලයින් දෙදෙනකු කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අසත්‍ය කරුණු හෙළි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ෂණ කටයුතු නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වූ බව ද නීතිපතිවරයා අදාල ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය මගින් කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත.

සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ෂන සිදුකළත් ඔහු දින කීපයක් සැගවී සිටි බවත් අනතුරුව පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවත් එම රෝහලේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම මත සිද්ධියට අදාලව ඔහුගෙන් ප‍්‍රකාශයක් හෝ ලබාගැනීමට නොහැකි වූ බවත් දැනුම් දුන් නීතිපතිවරයා මේ සම්බන්ධ සියලු කරුණු අධිකරණයට දැනුම්දුන් බවත් සිය පෙත්සමේ සඳහන් කර ඇත.

අපරාධ සිද්ධියක ප‍්‍රධාන විමර්ෂකයා වන්නේ මහේස්ත‍්‍රාත්වරයා බවත් අපරාධය හෙළිකරගැනීම සඳහා ඔහු විමර්ෂන නිලධාරීන් මෙහෙයවිය යුතු බවත් දැනුම් දුන් නීතිපතිවරයා මෙම සිද්ධියට අදාලව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය එලෙස කටයුතු කර නොමැති බවත් පෙන්වා දුන්නේය‍ෙ.

සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් කැඳවීමට මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ ප‍්‍රකාශයක් හෝ නොගෙන ඇති අවස්ථාවක ඔහු අප මත මුදාහැරීමට මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් විමර්ෂණවලට බලවත් අගතියක් සිදුවී ඇතැයි පෙන්නා දෙන නීතිපතිවරයා මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කර සේනාරත්න මහතා යළි රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියම කරන්නැයි අදාල ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය මගින් ඉල්ලීමක් කර ඇත.

 

 



අදහස් (5)

17 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි රාජිතට සිතාසි

Weera Sankili Monday, 13 January 2020 01:23 PM

මොකද්ද අපරාධය?

:       0       0

Bamunuarachchi Monday, 13 January 2020 01:36 PM

ඇප ලබාදීම ගැන දැන් අපිට සැකයක් තිබෙනවා. හඬ පටයක් නිකුත් උනොත් ටක්කෙටම දැන ගන්න පුළුවනි මොකද උනේ කියලා.

:       0       0

Raveendra Monday, 13 January 2020 04:06 PM

17 කිට්ටු වනවිට මට ලෙඩ ඔක්කොම උඩු දුවලා ..// ගන්නට බැහැ හුස්මත් "කාබන් මොනොක්සයිඩ්" මද හින්දා..// එබැවින් රිංගමි නැවතත් ඉස්පිරිතාලෙට හනිකටම..// මේපාරත් රිංගමි නීති දුව කනින් කුඩයත් ඉහළගෙන..//

:       0       2

DURAN APPU Monday, 13 January 2020 06:03 PM

සුවපති කශේරුකාවට එරෙහිව නීතිපති කශේරුකාව! හුදී ජනයා තුෂ්නිම්භූතව බලා සිටී.

:       0       1

විජිත් Monday, 13 January 2020 06:37 PM

ඔන්න දැන් ... පපුව ඩොක් ඩොක් ගාන්න පටන් ගන්නවා". සිහි කල්පනාව අඩුවෙනවා..." වගේ පෙන්වනවා. එත් ඇත්ත දැන් සිහි කල්පනාව තිබුනටත් වැඩිය වැඩි වෙනවා. ගිය මාසේ හිටපු ඉස්පිරිතලේම නවතිනවා... අර හොර දොස්තර ලව්වා හොර දොස්තර හතිකයක් ලබාගන්නවා..." ලෙඩාව හොල්ලන්න වත් එපා ජීවිතය අවදානම් මට්ටමේ තියෙන්නේ..." කියලා. මොනවා කරන්නද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site