(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී මාලදිවයිනේ හිටපු රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අස්මාලි නමැත්තා රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය.
මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද අධිකරණය මගින් සැකකරුට නියම කළේය.
අද පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී ඉන්දිත දැරිය විසින් සැකකරු හඳුනා ගනු ලැබුවාය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම ඉරු දිනකම උදේ 9ත් 12ත් අතර කාලයේදී කාන්තා හා ළමා කරන්නේ පෙනී සිටින ලෙසට සැකකරුද නියෝග කලේය.
COMMENTS
තව ටික දවසකින් ඔය සිද්ධියට වෙච්ච දෙයක් නැත. නඩුවේ තීන්දුව ලැබෙන විට දැරිය මැදි වයසටත් සැකකරුවන් මියයාමටත් තරම් කලක් ගතවෙනු ඇත. එබැවින් නීති වෙනස් නොකර මේ රජය කරන මේ රංගනය සැබෑ ප්‍රශ්න යට ගැසීමක් පමණි..