IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


15 දැරිය විකිණීමේ සිද්ධිය විමර්ශනයට අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක්

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් අලෙවි වු බාල වයස්කාර දැරිය සම්බන්ධ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .

මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලට සහාය වීම උදෙසා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු මෙන්ම රජයේ නීතිඥවරුන් කිහිපදෙනකුම පත්කරනු ලැබ ඇතැයි ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකරන පොලීසියේ විවිධ අංශ සඳහා නීතිපතිවරයා වරින් වර උපදෙස් ලබා දෙමින් කටයුතු කර ඇති අතර, මෙහි සැකකරුවන් සියලු දෙනාටම කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවද එම නිවේදනය සඳහන් වේ .

මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වන විටත් කඩිනමින් සිදුවෙමින් පවතින අතර, මෙතෙක් අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි .

පොලිස් මූලස්ථානය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කරමින් සිටින බවට 2021.06.07 දින ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතාට, පුද්ගලයකු ගෙන් ලද තොරතුරකට අනුව වයස අවුරුදු 35ක් පමණ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර , ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනයට අදාළව වයස අවුරුදු පහළොවක් වන එම දැරිය ද පොලිසිය භාරයට ගත් අතර බාලවයස්කාර දැරිය, ඇගේ මව සහ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු සිදුකරන ලද සිද්ධීන් පිළිබඳව අනාවරණය විය.

එහිදී අනාවරණය වූ තොරතුරු මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට තීරණය කළ පොලිස්පතිවරයා, මෙම විමර්ශනය පොලිස් මූලස්ථාන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත භාර කරන ලදී.

ඒ අනුව, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශය , නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය, සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය යන කොට්ඨාශ ඒකාබද්ධ වෙමින් නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් මෙහි විමර්ශන කටයුතු සිදු කරති.

අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ සම්බන්ධ වී මෙම දැරිය ලබාගෙන දූෂණයට ලක් කරන ලද සැකකරුවන් 41 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ද වෙති .

මෙම දැරිය 2018 වර්ෂයේ දී තම පියා අතින් දූෂණය වීම මත පියාද අත්අඩංගුවට ගනු ලැබූ අතර, දැරිය දූෂණයට ලක් කිරීමට අදාළව ආධාර අනුබල දීමේ චෝදනාව මත දැරියගේ මවද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව අනාවරණය වී ඇති සියලු දුරකථන වාර්තා, අන්තර්ජාල වෙබ් අඩවි, බැංකු වාර්තා මෙන්ම සීසීටීවී දත්ත ඇතුළු වෙනත් තොරතුරු ද විශ්ලේෂණය කරමින් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු පුළුල් කර ඇත .

ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනෙන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට මේ වන විට ගරු අධිකරණයට ඉල්ලීම් කර ඇති අතර, ඒ සඳහා විදුලි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අධිකරණය තොරතුරු විමසා ඇත .

එමෙන්ම එවැනි වෙබ් අඩවි මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා සිට පොලිසිය මේ වන විට කටයුතු යොදමින් පවතී.

 



අදහස් (0)

15 දැරිය විකිණීමේ සිද්ධිය විමර්ශනයට අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site