IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


14 නැගණිය අතරමං කර අක්කා පෙම්වතා සමග පැනයයි

(ඉන්දිකා රාමනායක)

වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි   නැගණිය සමග වැලිගම සිට කොළඹ පැමිණි  කොළඹ කොටුවේ දී නැගණිය  අතහැර පෙම්වතා  සමග  පැනගොස්  ඇතැයි   පිටකොටුව පොලිසිය කියයි.

සිය සොහොයුරිය විසින් අතරමං කර දමාගොස් සිටි 14 හැවිරිදි දැරිය    මධ්‍යම  බස්නැවතුමේ   අඩමින් සිටියදී එම පොලිස් මුරපොලේ  නිලධාරීන් බාරයට ගෙන  ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන්   දෙදෙනා වැලිගම ඉබ්බාවල  දුෂ්කර  ප්‍රදේශයක  පදිංචිකාරියන් බවත්,  ජීවිතේ පළමු වතාවට කොළඹට පැමිණ ඇත්තේ ඊයේ  (21) දින බවද පොලිසිය කියයි.

23 හැවිරිදි  සැකකාර තරුණිය  බෙහෙත් ගැනීම සදහා යැයි  සිය මවගෙන් මුදලක් ද ඉල්ලාගෙන 14 හැවිරිදි  දැරිය ද සමග     වැලිගමට නගරයට  යන බව පවසා  පිටව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

වැලිගම නගරයට පැමිණි ඔවුන් දෙදෙනා  කොළඹ මාතර බස් රථයකින්  කොළඹට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කොළඹට පැමිණි පසු   සැකකාර  තරුණියගේ දුරකතනයට පෙම්වතාගෙන් ඇමතුමක් ලැබී ඇති අතර පසුව  ඇය සිය  14 හැවිරිදි සොහොයුරිය අමතා  රුපියල් 1000 ක අතට   දී     මාතර බස් රථයකින් යළිත් වැලිගම නිවසට  යන ලෙසට දැනුම් දී දැරිය  බස් නැවතුමේ අතහැර  තරුණිය පෙම්වතා සමග පලාගොස් ඇති බවද පොලිසිය කියයි.

පසුව පොලිසිය දැරියගේ මව්පියන් පොලිසිය වෙත ගෙන්වා  14 හැවිරිදි දැරිය බාර දී ඇත.



අදහස් (1)

14 නැගණිය අතරමං කර අක්කා පෙම්වතා සමග පැනයයි

Bunny Preena Thursday, 23 December 2021 08:56 AM

අක්කා නංගිට කරපු දේටත් වඩා බරපතල දෙයක් අක්කාගේ පෙම්වතා කියන පුද්ගලයා අනිවාර්යයෙන්ම අක්කට කරන කොට එයාට තේරෙයි එයා කරපු වරදේ බරපතලකම.එතකොට ප්‍රමාධ වැඩී

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site