ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20කට හානි
පන්නල - මාකඳුර නගරයේ අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20 ක්, සතිපොළ භූමියේ වෙළඳ කුටි 100 ක්, පන්නල ප්රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව පන්නල ප්රාදේශීය ලේකම් සමන්ත වික්රමරත්න බණ්ඩාර මහතා පැවසීය.