IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


119 අමතා අසත්‍ය තොරතුරු දුන් කතක් අත්අඩංගුවට

(අධිකාරි මුදියන්සේ)
 
පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ දුරකතන අංකය(119) අමතා පුද්ගලයකුගේ මියයාම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන් බව කියන කාන්තාවක අද(30) අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.
 
සැකකාර කාන්තාව පොල්ගහවෙල ගොඩවෙල පදිංචි වයස අවුරුදු 42ක පමණ කාන්තාවකි.
 
පසුගිය ජූලි මාසයේ 20 වැනි දින පොල්ගහවෙල කහවත්තඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන්, මෙම කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශයට පවසා ඇත්තේ, එම මියගිය පුද්ගලයාගේ පුතා විසින් තම පියාගේ  ගෙල සිරකර මරා දමා ඇති බවය. එම තොරතුරට අනුව  පොලීසිය අධිකරණ නියෝග මත නැවත කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව එය ස්වභාවික මරණයක් බවට තහවුරු වී ඇත.
 
දුරකතන මාර්ග ඔස්සේ අසත්‍ය තොරතුරු සැපයීම හේතුවෙන්, අධිකරණ නියෝග මත ඇමතුම ලබාදුන් දුරකතන අංකය ඔස්සේ විමර්ශන පැවැත්වූ පොල්ගහවෙල පොලිසිය අදාළ ජංගම දුරකතන  සමාගමෙන් ලද දත්තවලට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය පොල්ගහවෙල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

119 අමතා අසත්‍ය තොරතුරු දුන් කතක් අත්අඩංගුවට

Prabha Wednesday, 30 September 2020 09:22 AM

ළිඳ ළඟ සංගමයේ පුරුදු අතහැර ගන්න බැරිවුණාම ඔහොම තමයි.

:       0       9

indika Wednesday, 30 September 2020 10:31 AM

මෙය හොඳ නැහැ. කාන්තාව දන්නේ කොහොමද? ස්වභාවිකවද? කවුරු හරි කරලාද කියලා... කවුරුත් මේ නොම්මරයට කතා කරන්නේ නැතිව ඉඳීවි.

:       1       7

Kithsiri Wednesday, 30 September 2020 04:34 PM

මේ විදියට සැකකටයුතු තොරතුරු පොලිසියට දෙන්න බැරිවෙනවා. අත්අඩංගුවට ගන්න කලින් ඇය ද්වේශ සහහත බොරු තොරතුරු දුන්නාද යන්න පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුයි නේද?

:       0       0

බද්රානි Thursday, 01 October 2020 08:45 AM

මට විශ්වාස නැහැ. ඇත්තනම් බොරු කියන "චම්පා" මිත්තණිය දහස් වාරයක් හිරේට යන්න එපැයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31309 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 108 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 934 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site