Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
( චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ‘‘ෆේස් බුක්‘‘ මිතුරු මිතුරියන් පිරිසක් විසින් තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ පැවැත් වූ සාදයක් වැටලූ තංගල්ල පොලීසිය මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණ පිරිසක් අත් අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලැබුණු තොරතුරකට අනුව ඔහු ගේ නියෝග මත තංගල්ල මූලස්ථාන පොලීසියේ පොලිස් නිළධාරීන් සමඟ වීරකැටිය හා බෙලිඅත්ත යන පොලිස් ස්ථාන වල පොලිස් නිළධාරීන් විසින් මෙම ෆේස්බුක් සාදය වටලා තිබිණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණියන් 05 දෙනෙකු හා තරුණයන් 04 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ෆේස් බුක් සාදය සදහා භාවිතා කළ ශබ්ද විකාශන හා සාදයේද භාවිතා කළ මත් ද්‍රව්‍ය ඇසුරම් රැසක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට පත් සමහර තරුණියන් වයස අවුරුදු 16,17,හා 18 පසුවන අය බව පොලීසිය පැවසීය.
අත් අඩංගුවට පත් සියලු දෙනා මහජනතාවට පීඩාකාරී ලෙස හා අශෝබන ලෙස හැසිරීමේ චෝදනා යටතේ අද (07) දිනයේදී අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.
sandy123 Sunday, 07 April 2019 04:33 AM
මේක මහා කොඩි විනයක් අපේ රටේ දැන්.... මේවට දේශපාලකයන් වග කියන්න ඕනේ. දෙමාපියනුත් සම්පුර්ණ වගකීම ගන්න ඕනේ. තමන්ගේ දරුවා කරන්නේ කියන්නේ මොකක්ද කියලා වැටහීමක් තියෙන්න ඕනේ. නිකන් හදන්නම් වලේ ළමයින් හදන්නේ නැතුව යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙන්න මග සලසා දෙන්න ඕනේ. සල්ලි පස්සෙම දුවලා කාර්යය බහුල වෙන්නේ නැතුව. දැන් දුක් වෙන්න වෙනවා නේද? නමුත් පරක්කු වැඩියි.
Reply : 19 270
Sapumal. Sunday, 07 April 2019 05:35 AM
සැන්ඩි මහතා, ඔබතුමාගේ අදහස් වලට මාත් එකඟයි. පිට රටවල් වල තරුණයන් ෆේස් බුක් යොදාගන්නේ ඉගෙනීමට හා ව්‍යාපාරික කටයුතු සඳහා. ඒත්,අප රටේ සමහරක් දෙනා මේ වගේ අයුතු වැඩ වලට යොදනවා. ෆේස් බුක් සමාජ මාධ්‍යය අනිසි ලෙස පරිහරණය කරන්නන්ට නිසි දඬුවම් පැමිණවිය යුතුයි.එය වැඩදායක ලෙස එම මාධ්‍යය හසුරුවන්ටද කරනා සේවයක්.
Reply : 6 205
gunarathnaq Sunday, 07 April 2019 06:54 AM
මේ කොල්ලෝ කෙල්ලෝ අඩුමගානේ ටීවී එකක්වත් බලන්නේ නැතිද? පත්තරයක් බලන්නේ නැතිද? හැමදාම කොහෙහරි මේවගේ පාටියක් අල්ලනවා පොලිසියෙන් . මේවා සංවිධාන කරනුන් මෝඩයෝද මන්ද. අහිංසක කොල්ලව අමාරුවේ දානවට මේවා සංවිධානය කරන උන් හිරේ යවන්ට ඕනේ.
Reply : 3 39
lalpriyantha Sunday, 07 April 2019 05:04 AM
කුඩු ලංස වගකියන්න ඕනේ
Reply : 0 31
Shantha Qatar Sunday, 07 April 2019 05:19 AM
අඩුම ගානේ මාසයක්වත් දාන්න කූඩුවේ.... නමුත් වියදම් කරන්න එපා එත සත පහක්වත් රජයේ සල්ලි.....
Reply : 113 24
saman Sunday, 07 April 2019 05:21 AM
නයිට් කලබ් හොදයි. ෆේස්බුක් සාද හොද නෑ
Reply : 159 78
Kalum Sunday, 07 April 2019 05:27 AM
මොන රටක්ද මේ. කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා පාර්ටි එකක් වත් දාන්න බැරිද.
Reply : 521 159
ලුම්බිණි Sunday, 07 April 2019 05:34 AM
9 දෙනෙක් අල්ලන්න තංගල්ල මූලස්ථාන පොලීසියේ පොලිස් නිළධාරීන් සමඟ වීරකැටිය හා බෙලිඅත්ත පොලිසිවල ඔක්කොම ගියාද? ෆේස්බුක් සාද තහනම් කරන එක නොවෙයි විසඳුම. මේ වගේ දේවල් වලදී අනුගමනය කල යුතු නීති ටිකක් හඳුන්වලා දෙන්න.
Reply : 0 210
ravi Sunday, 07 April 2019 12:17 PM
"සංවිධානාත්මකව මත්වතුර, මත්ද්‍රව්‍ය.. පානය කිරීම, භාවිතා කිරීම තහනම්..."
Reply : 7 35
Shirley Suraweera Sunday, 07 April 2019 05:56 AM
රටේ සියලු පුරවැසියන්ගේ යුතුකම මෙවැනි දේ ගැන ආරක්ෂක අංශ වෙත දැනුම් දීමයි..
Reply : 105 25
C.K.Lankaputhra Sunday, 07 April 2019 06:02 AM
ලස්සනම වැඩේ පොලිසියට අහුවෙන බව දැන දැනම මේවට යන එකයි. ගිහිල්ල මැරුනත් සැපයි කියල හිතනවද දන් නැහැ. සමාජය බලවත් ලෙස පිරිහෙමින් පවතිනව කියන එකයි මේකෙ තේරුම.
Reply : 0 26
ravi Sunday, 07 April 2019 07:25 AM
හරි ශෝක් .. නියමයි නීතිය ... පොලිසිය පඹයෝ කියල හිතාගෙන මේ විදිහට හැසිරෙන .. සියලු දෙනාටම මේක හොඳ පාඩමක් විය යුතුයි .... දෙන්නයි .. තියෙන්නේ හොම්බ කුඩු වෙන්න ! මෙයාලගෙන් අපිට කිසිම වැඩක් නැහැ .... දෙන්නයි තියෙන්නේ කොර වෙන්න !!!!!!!!
Reply : 204 12
රමල් Sunday, 07 April 2019 08:42 AM
ටෙලිෆෝන් එකෙන්වත් පාර්ටියක් දාන්න බැරිද?
Reply : 2 13
ධනුෂ්ක Sunday, 07 April 2019 01:05 PM
පාටිනම් මේ රටේ මිනිස්සු කොච්චර දානවද? කෝ අල්ලනවද? නෑ හැම පාටියක්ම එහෙම අල්ලන්නේ නෑ. එ් පාටියේ ස්වභාවය මත තමා අල්ලන්නේ... මේ රට ගොඩක් පැතිවලින් වැටිලා තිබ්බත්.... කවුරුහරි වැරැද්දක් කළොත් එ්කට විරුද්ධ වෙන මිනිස්සු ඉන්නවා...
Reply : 0 36
Aris Sunday, 07 April 2019 10:10 AM
නිදහස ඉල්ලා හඬ නැගිය යුතු කාලය පැමිණ ඇත.
Reply : 246 53
ravi Sunday, 07 April 2019 03:54 PM
" නිදහස " ගැන කතා කල යුත්තේ , ඒ ගැන යම්කිසි දැනීමක් ඇතුවයි. කුඩු, කස්සිප්පු, ගංජා සහ අනිකුත් මත්ද්‍රව්‍ය නිදහසට අදාලද නැද්ද කියලා නීතිවේදියෙක්ගෙන් අහල බලන්න.
Reply : 1 0
Kamal Sunday, 07 April 2019 10:29 AM
ඇමතිවරුන්ගේ ළමයි හිටියා නම් පොලිසිය බල්ලෝ වගේ නැට්ට අකුලාගෙනයි එන්නේ...
Reply : 4 54
punsala Sunday, 07 April 2019 11:42 AM
ප්‍රජාතන්ත්‍රවාදය තරුණ නිදහස කෝ? කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා පාටි එකක්වත් දාන්න බැරිද? එහෙම බැහැ කියලා කොහේද කියලා තියෙන්නේ?
Reply : 49 12
taniya Sunday, 07 April 2019 11:43 AM
තරුණ නිදහස වෙනුවට අසහනය ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.
Reply : 67 15