( චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ‘‘ෆේස් බුක්‘‘ මිතුරු මිතුරියන් පිරිසක් විසින් තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ පැවැත් වූ සාදයක් වැටලූ තංගල්ල පොලීසිය මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණ පිරිසක් අත් අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලැබුණු තොරතුරකට අනුව ඔහු ගේ නියෝග මත තංගල්ල මූලස්ථාන පොලීසියේ පොලිස් නිළධාරීන් සමඟ වීරකැටිය හා බෙලිඅත්ත යන පොලිස් ස්ථාන වල පොලිස් නිළධාරීන් විසින් මෙම ෆේස්බුක් සාදය වටලා තිබිණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණියන් 05 දෙනෙකු හා තරුණයන් 04 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ෆේස් බුක් සාදය සදහා භාවිතා කළ ශබ්ද විකාශන හා සාදයේද භාවිතා කළ මත් ද්‍රව්‍ය ඇසුරම් රැසක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට පත් සමහර තරුණියන් වයස අවුරුදු 16,17,හා 18 පසුවන අය බව පොලීසිය පැවසීය.
අත් අඩංගුවට පත් සියලු දෙනා මහජනතාවට පීඩාකාරී ලෙස හා අශෝබන ලෙස හැසිරීමේ චෝදනා යටතේ අද (07) දිනයේදී අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා කොඩි විනයක් අපේ රටේ දැන්.... මේවට දේශපාලකයන් වග කියන්න ඕනේ. දෙමාපියනුත් සම්පුර්ණ වගකීම ගන්න ඕනේ. තමන්ගේ දරුවා කරන්නේ කියන්නේ මොකක්ද කියලා වැටහීමක් තියෙන්න ඕනේ. නිකන් හදන්නම් වලේ ළමයින් හදන්නේ නැතුව යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙන්න මග සලසා දෙන්න ඕනේ. සල්ලි පස්සෙම දුවලා කාර්යය බහුල වෙන්නේ නැතුව. දැන් දුක් වෙන්න වෙනවා නේද? නමුත් පරක්කු වැඩියි.
කුඩු ලංස වගකියන්න ඕනේ
අඩුම ගානේ මාසයක්වත් දාන්න කූඩුවේ.... නමුත් වියදම් කරන්න එපා එත සත පහක්වත් රජයේ සල්ලි.....
නයිට් කලබ් හොදයි. ෆේස්බුක් සාද හොද නෑ
මොන රටක්ද මේ. කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා පාර්ටි එකක් වත් දාන්න බැරිද.
9 දෙනෙක් අල්ලන්න තංගල්ල මූලස්ථාන පොලීසියේ පොලිස් නිළධාරීන් සමඟ වීරකැටිය හා බෙලිඅත්ත පොලිසිවල ඔක්කොම ගියාද? ෆේස්බුක් සාද තහනම් කරන එක නොවෙයි විසඳුම. මේ වගේ දේවල් වලදී අනුගමනය කල යුතු නීති ටිකක් හඳුන්වලා දෙන්න.
රටේ සියලු පුරවැසියන්ගේ යුතුකම මෙවැනි දේ ගැන ආරක්ෂක අංශ වෙත දැනුම් දීමයි..
ලස්සනම වැඩේ පොලිසියට අහුවෙන බව දැන දැනම මේවට යන එකයි. ගිහිල්ල මැරුනත් සැපයි කියල හිතනවද දන් නැහැ. සමාජය බලවත් ලෙස පිරිහෙමින් පවතිනව කියන එකයි මේකෙ තේරුම.
හරි ශෝක් .. නියමයි නීතිය ... පොලිසිය පඹයෝ කියල හිතාගෙන මේ විදිහට හැසිරෙන .. සියලු දෙනාටම මේක හොඳ පාඩමක් විය යුතුයි .... දෙන්නයි .. තියෙන්නේ හොම්බ කුඩු වෙන්න ! මෙයාලගෙන් අපිට කිසිම වැඩක් නැහැ .... දෙන්නයි තියෙන්නේ කොර වෙන්න !!!!!!!!
ටෙලිෆෝන් එකෙන්වත් පාර්ටියක් දාන්න බැරිද?
නිදහස ඉල්ලා හඬ නැගිය යුතු කාලය පැමිණ ඇත.
ඇමතිවරුන්ගේ ළමයි හිටියා නම් පොලිසිය බල්ලෝ වගේ නැට්ට අකුලාගෙනයි එන්නේ...
ප්‍රජාතන්ත්‍රවාදය තරුණ නිදහස කෝ? කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා පාටි එකක්වත් දාන්න බැරිද? එහෙම බැහැ කියලා කොහේද කියලා තියෙන්නේ?
තරුණ නිදහස වෙනුවට අසහනය ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.