(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ෆයිසර් එන්නත පළමුවෙන්ම ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(21) පැවැසීය.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාල නිලධාරීන් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් දුන් බවද ඔහු කීවේය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට අයටද?
බෝ නොවන රෝග වලින් මිස 30 ට අඩු පුද්ගලයින්ට කොවිඩ් 19 එන්නත ලබා දීම අවශ්‍ය නොවේ. ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ඔවුන්ට ආයුර්වේද හෝ හෙළ ඔසු ලබා දිය හැකිය.
ඔබ නොදන්නවා වුණාට කලින්ම ඔය එන්නත දුන්නේ විපක්ෂයේ දේශපාලන ලොක්කාට. දෙවනුව මන්නාරම ප්‍රදේශයේ මහජනතාව කීප දෙනෙක්ට. ඊටපසු හම්බන්තොට තරුණයින්ට... දැන් අන්තිමට පාසල් ළමයින්ට. කොහොමද ප්‍රමුඛතාවය…?
දයාන්, සමාජයේ ප්‍රතිශක්තිය ඇතිවීමට 70%ක් එන්නත් කළ යුතුයි. 30ට අඩු අයට හෙළ ඔසු දීලා 70% වට යන්න බෑ...
ඩැරන්, ඔයා මොලෙන්ම කල්පනා කරලා නේද ගියසැරේ ඡන්දෙ දුන්නෙත්...!
රට රටවල එන්නත ප්‍රවර්ධනය කර කර ඉන්නවා. පාසල් විවෘත කරන්න කිසිම අදහසක් නෑ. වයසක උදවියට ළමයින්ගේ පීඩනය තේරෙන්නේ නැහැ...