(සුජිත් හේවාජුලිගේ)
ෆයිසර් එන්නත් මාත්‍රා 78 ,000ක් ලබන මාසයේදී මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එන්නත් මාත්‍රා 26,000 බැගින් සති තුනකදී මෙම එන්නත් තොගය ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
ෆයිසර් එන්නත් තොගය මිලදී ගනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසිනි.
සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරටට ලැබෙන පළමු ෆයිසර් එන්නත් තොගය මෙය වෙයි.
මේ අතර කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ එන්නත් මාත්‍රා විසිදාහක් ඊයේ දිනයේ දී ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ රටේ කොරෝනා එන්නත ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව තිස්තුන් ලක්ෂ හතළිස් පන් දහස් එකසිය හැට පහකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 03ක් එන්නත් එක්කම පොරබදලා විපක්ෂයට යයි වගේ...
පැණි බෙදපු අයගේ එන්නත තිබ්බත් එකයි, නැතත් එකයි.
එනවා කිව්ව ස්පුට්නික් කෝ?
අනික් රටවල් මිලියන ගණනින් ගද්දි ලංකාවට එන්නත් එන්නෙ දහස් ගණනින්.. ස්පුට්නික් එකත් එහෙමනේ.. චීනේ නැත්තම් ඔය ටික වත් නෑ. මහත්තයෝ, කියුබාව එක්ක සාකච්ඡා කරලා එ් ගොල්ලන්ගේ දේවල් වලින් ඉල්ලලා බලන්න. රටට එන්නත් මිලියන වලින් ඕනේ දාහ වලින් නෙවේ. දවසට එන්නත් විසිදාහක් ගහලා කොහේ බේරෙනවද මේ වෛරසයකින්..!
වෙන පැණියක් එහෙම නැද්ද? මෙයා කලේ එන්නත නැතිව පැණියක් පස්සේ ගිය එකනේ...
මෙයා කියන කථා සත 05කට විශ්වාස කරන්න බැහැ.. මුල ඉඳන්ම කිව්වේ බොරු.., බයිලා විතරයි. වැඩ බෑ..