(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකාවේ නිෂ්පාදිත "ෆයිසර්" තවත් එන්නත් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබුණි .
ශ්‍රී ලංකාව කළ ඇනවුම කට අනුව එම එන්නත් තොගයක මෙරටට ලැබී තිබුණි.
COMMENTS
අපි ඇස්ට්‍රා සෙනෙකා ගහපු අය. දෙවන මාත්‍රාව මැයි 18 ගහන්න තිබ්බේ... ඕකවත් දෙවන මාත්‍රාව විදියට ගහන්න කියලා ඉල්ලා සිටිනවා...
අවුරුදු 13 ට වැඩි දරුවන්ට විදින්න .ලොකු දෙයක්