IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ෆයිට් කැන්සර් ව්‍යාපෘතියෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

(ඩයනා උදයංගනී)

මහරගම, අපේක්ෂා පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතියෙහි මුදල් අක්‍රමිකතා සිදුවන බවට රෝහල් අධ්‍යක්ෂකවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි ඉල්ලා එම ව්‍යාපෘති කණ්ඩායමේ නායක එම්.එස්.එච් මොහොමඩ් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය.

එම පිරිස අද (17) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම පැමිණිල්ල භාර දුන්හ.

එම පිරිස පැමිණිල්ල කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි මොහොමඞ් මහතා මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ මෙම ව්‍යාපෘතියට ලැබෙන සියලු මුදල් ගිණුම්ගත වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ‘ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල’ට බවයි.

එබැවින් එහි කිසිඳු වංචාවක් කිරීමට තමන්ට හෝ ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායමට නොහැකි බව ද මොහොමඞ් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මහතා මෙසේ ද කීවේය.

“පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මාස දෙකකට පසු ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතියට විශාල මුදලක් ලැබුණු බව පවසා තිබුණා. එමෙන්ම ජාතිවාදී ප්‍රකාශ කරමින් මා කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළා. මේ වන විටත් අපේ ‘පණ දෙන 50’ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම ගිණුමට රුපියල් කෝටි 50ක පමණ මුදලක් ලැබී තිබෙනවා. මෙම ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ලබාදෙමින් ලක්‍ෂ තුනක පමණ පිරිසක් අප වටා එක්වුණා. මෙහි රුපියලක් හෝ වංචා කිරීමේ හැකියාවක් අපට නැහැ.

වසර තුනක් තිස්සේ අප ඉතා විනිවිදභාවයකින් හා විශ්වාසවන්තව මෙම කටයුත්ත කළා. මෙයට ලැබුණු සියලු මුදල් ඉතා සුරක්‍ෂිතයි. එහි කිසිඳු කටයුත්තක් මට කරන්න බැහැ. ගිණුමේ ශේෂය පරීක්‍ෂා කළ හැක්කේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට හා පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂවරයාටයි. ඒ නිසා මේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ජනතාව නොමග යවන්නේ නැතිව නීතිය හරහා කටයුතු කරන්නැයි මා රෝහල් අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලා සිටිනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.”

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (8)

ෆයිට් කැන්සර් ව්‍යාපෘතියෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

සුසන්තිකා Monday, 17 February 2020 12:50 PM

ජාතිය මොනවා වුනත් වන සේවය ඉතාමත් විශිෂ්ටයි.

:       0       129

Gamage Monday, 17 February 2020 01:07 PM

ඔබ තුමා ගැන අපි හොදට දන්නවා . කවුරු හරි හොද වැඩක් කරන්න යනකොට අකුල් හෙලන කට්ටිය නම් ඕන තරම් ඉන්නවා . හැබැයි වැඩ කරන අය තමයි හොයා ගන්න බැරි . ඔබේ සියලු කාරයන් ඉටුවී ශ්‍රී ලංකාව පිළිකාවෙන් තොර රටක් කිරීමට සහ පිලික මාෆියා දොස්තරවරුන්ට තමන්ගේ කොමිස් ලබාගන්න බැරි කාලයක් උදා වේවා . ඔය කෑ ගහන ගරහන අයට තමන්ගේ කන කපා ගන්න බැරිවෙලා . ඔබ තුමාට ජයෙන් ජය

:       70       1408

saradiyel Monday, 17 February 2020 01:29 PM

හොරකම් කලා නම් පිලිකා හැදිලම විදලම ඉවර වේවි

:       254       118

Walter WhiteTuesday, 18 February 2020 02:30 AM

පොඩි දරුවෝ ඉන්නවා කැන්සර් හැදුන, ඒ අයත් හොරකම් කරපු නිසා කැන්සර් හැදිලා විඳවන උදවියද? එක ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වා දෙමවුපියෝ හොරු නම් දරුවෝ අංගවිකල වෙනවා කියලා, මොන බහුභූත ද මේවා? ඔය ආගම් වල අත්භූත කතා විශ්වාස කරලා හොරුන්ට සදාකාලික නිරයේ තපින්න වෙනවා, දේව කෝපය එල්ල වෙනවා, ස්වර්ගය උරුම නැහැ එහෙම නැත්නම් අසූචි වලක උපදිනවා විඳලම ඉවර වෙනවා, ඔය වගේ ගොන් අදහස් විශ්වාස කරන නිසාමයි අපේ මිනිස්සු හොරකමක් කලාම විරුද්ධ නැත්තේ, අන්තිමේ හොරුන් වැඩි වෙලා මොකද හොරු විශ්වාස කරන්නේ නැහැ.

:       105       68

saradiyelWednesday, 19 February 2020 03:35 AM

හරියට හරි ඔය වගේ අදහස් දරන අය තමයි මෙවැනි පහත් වැඩ කරනවානම් කරන්නේ.

:       0       0

SL Monday, 17 February 2020 02:15 PM

මේ රටේ තියෙන ප්‍රශ්නේ ඇත්ත -නැත්ත කරලා නැත්ත -ඇත්ත කරලා කරන ප්‍රකාශ වලට නිදහසේ යන්න දීමයි. කෙනෙක් මෙවැනි චෝදනාවක් කරනවානම් අනිවායයෙන් වගකීම ගන්න පුළුවන් වෙන විදියේ ප්‍රකාශ වෙන්න ඕනේ . මේවට ආධාර දෙන්නේ සාමාන්‍ය ජනතාව.සාමාන්‍ය ජනතාව වැට උඩ තියෙන ප්‍රකාශන වැදගත් වෘතීන් වල ඉන්න ඉහල උදවිය නොකලයුතුයි. කරානම් සියලු සාක්ෂි සහිතව ප්‍රකාශ කල යුතුයි . දේශපාලකයෝ වගේ වෘතීය මට්ටමේ නිලධාරින් කටට එන ප්‍රකාශ නිකුත් කලහම අපි කවුද විශ්වාස කරන්නේ .

:       0       4

kamal Monday, 17 February 2020 04:21 PM

ආධාර හොඳ ජොබ් එකක් නේ. හොයලා බලන්ඩ වටිනවා.

:       303       154

yaha Tuesday, 18 February 2020 03:45 AM

මේ ආධාර කාරයෝව විශ්වාස කරන්න අමාරුයි....මොනවා උනත් හැමද්හෙම හොයා බලපුවාම ඉවරනේ ඔක්කොම අයට හිතේ පැකිලීමක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්.....

:       49       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6078 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 270 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 313 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site