(+++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ට්‍රික්සි කොන්ස්ටන්)
මාසික වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කුඩා ලොරි රථයක් ආපසු රැගෙන යාමට පැමිණි එම ලීසිං සමාගමේ පස් දෙනෙකුට නිවසේ සිටි පිරිසක් පහර දීමෙන් එක් අයෙකු මියගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලීසිය කියයි.
මාරවිල හල්පන්විල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිනි ලීසිං සමාගමේ පිරිස හා නිවැසියන් අතර සිදුවූ බහින් බන්වීමකින් පසුව මෙම පහරීම සිදුව ඇතැයි කියති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ලොරි රථයේ අයිතිකාර පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලීසියේ නිලධාරියෙක් ලංකාදිපයට පැවසීය.
මියගොස් ඇත්තේ වෙන්නප්පුව, සිරිගම්පල පදිංවිව සිටි හපන් පේඩිගේ සුදත් ප්‍රසන්න (45) නැමති විවාහකයෙකි.
මොහු ලීසිං සමාගමක වාරික නොගෙවන වාහන අත්පත් කරදෙන කණ්ඩායමක සේවකයෙක් බව ද පොලීසිය කියයි.
මාරවිල පොලිස් වසමට අයත් හාල්පන්විල ප්‍රදේශයේ අයෙකු විසින් ගෙවීමේ ක්‍රමයට ලබාගත් (ලීසිං) කුඩා ලොරි රථයක මාසික වාරික ගෙවීම් පැහැර හැරීමට කියමින් හලාවත ප්‍රදේශයේ ලීසිං සමාගමක වාහන සීසර්වරුන් පස්දෙනෙකු ඊයේ (05) උදේ 10.00 ට පමණ එම ලොරි රථය රැගෙන යාමට වෑන් රථයකින් පැමිණ ඇතැයි පොලීසිය කියයි.
මේ අවස්ථාවේ ලොරි රථය රැගෙන යාමට පැමිණි සීසර්වරුන් සහ එහි අයිතිකරු අතර බහින්බස්වීමක් සිදුවී එය පහරදීමක් දක්වා දුරදි ගොස් ඇති බවට තොරතුරු පොලීසියට ලැබී ඇති බව කියති.
ලොරි රථය රැගෙන යාමට සහ සීසර්වරුන් එහි අයිතිකරුට ද පහරදීමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බව ද පොලීසිය පවසයි.
මේ අතර ලොරි රථය රැගෙන යාමට ආ අය පැමිණි වෑන් රථයේ රෝදයක හුළං ඇර තිබීම නිසා පහරකෑමට ලක්වූ අය ලොරි රථයේ දමාගෙන සෙසු සිව්දෙනා ඔහු මාරවිල රෝහලට බාරදී පලාගොස් ඇති බව ද එම පොලිස් නිලධාරීවරයා කීය.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සුදත් නැමැත්තා එහි ගොස් ඇති අතර මේ බව රෝහල් බලධාරීන් මාරවිල පොලීසියට දැනුම් දී ඇත.
මෙම පහරදීමට අදාළව ලොරි රථයේ අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබූවේ පොලිස් පරීක්ෂණ වලින් පෙනී ගිය තොරතුරු මතය.
මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (5) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට යැවීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
නාත්තක්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන, මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධමිමික විජේසිංහ, විවිධ පැමිණිලි අංහයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි සිරිවර්ධන, උප පොලිස් පරීක්ෂක පී.ඒ.එන් කුමාරසිරි, උප පොලිස් පරීක්ෂක මහින්ද, සැරයින් (32799) ග්‍රේටන්, සැරයන් (138) සරත්චන්ද්‍ර ඇතුළු නිලධාරීහු මෙම ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීසර්වරුන්ට අපල කාලයක් පැමිණ ඇත.
මේක ලංකාවේ වාහන බලෙන් අරන් යන "සීසර්ලා" ට හොඳ පාඩමක්. ෆිනෑන්ස් වාරික නොගෙවීම වරදක් වුණාට ඒකට සිවිල් නීතිය යටතේ උසාවි ක්‍රියාමාර්ග ගන්නවා මිසක් නීතිය තමන්ගේ අතට ගෙන වාහන පැහැරගෙන යාම අපරාධමය වරදක්. මේ සඳහා යනවිට පොලිසියේ ඇන්ට්‍රියක් ලිවීම (බාර ගැනීම) පොලිසිය පැත්තෙන් සිදුකරන වරදක්. පොලිස් නීතියට අනුව මේ ඇන්ට්‍රිය බාර නොගත යුතු නමුත්, දැන හැඳුනුම්කමට, පගාවට ඔවුන් එය පොලිස් පොතේ ලියනවා. නමුත් නීතිය අනුව ඒ ඇන්ට්‍රියේ කිසිම වටිනාකමක් නැහැ. එය පොලිස් පොතේ ලියන නිලධාරියාත් කරන්නේ වරදක්. මේ මිනීමැරුම් නඩුව කවදා හරි විභාග වෙනදාට මේ මැරුණු මිනිහා වාහනයක් මංකොල්ල කෑමට තැත්කිරීමේදී මරණයට පත් වුණා කියලා නීතිඥ සහාය නැතිවම වුණත් ඔප්පු කරන්න පුළුවන්...
ෆිනැන්ස් නොගෙවූ විට වාහන උස්සගෙන යන්න කොහෙවත් බලයක් නෑ. එය මැර ක්‍රියාවක් ලෙසයි පේන්නේ. වාරික ගෙවලා නැත්නම් නඩු දාලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගත හැකිව තිබියදී චණ්ඩිකම් පෙන්නන්න යනකොට මෙහෙම වෙනවා...
ලීසිං සමාගම් පුද්ගලයාගේ ආදායම් තත්වය සොයන්න බලන්නේ නැතිව..., ඉල්ලන ඕනෑම කෙනෙකුට ගිනි පොලියට ණයට වාහන දෙනවා.. ඊට පස්සේ චණ්ඩි දම්මලා වාහන මංකොල්ල කනවා. සීසර්ලාට එහෙම ඕනේ ඕනේ විදිහට ගෙවල්වලට ගිහින් මිනිස්සුන්ට පහරදීලා වාහන මංකොල්ල කන්න බැහැ. රටේ නීතියක් තිබෙනවා. ලිසීං වාරික නොගෙව්වා නම් අධිකරණ ක්‍රියාවලියකට යන්න පුළුවන්...
හොඳම වැඩේ...
ලිසිං සමාගම් ඔක්කොම වහලා දාන්න ඕන.
සීසර්ලාගේ හැසිරීම් රටාවට මෙවැනි සිදුවීම් බලාපොරොත්තු වියයුතුය. ඔවුන්ගේ හැසිරීම් එතරම් අමානුෂිකයි.
මේ ලිපියට අනුව "සීසර්වරුන් එහි අයිතිකරුටද පහරදීමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී ඇත". තමන්ට පහර දෙන්නට ආ කෙනෙකුට ප්‍රතිප්‍රහාර දීමේ වරද කුමක්ද? අනික, මේ අයට කව්ද "සීසර්වරු" කියලා කියන්නේ. මේ අය නිකම් මැරයින් විතරයි.
ජයවේවා... ගහන්න ඕනේ ඔය අයට ෆිනෑන්ස් සමාගම් පිළිවෙලකට නීතිය ක්‍රියා කරනතුරු...
සියලුම සීසර්වරුන්ගේ දැනගැනීම පිණිසයි.. මිනිසුන් සූදානම්...
ඉතිරි සීසර්ලා හතර දෙනාගේත් අඬුකඩා දැම්මා නම් තමයි වඩා හොඳ... ලීසිං වාරික නොගෙව්වා නම් එයට නීතිමය පියවර නොගෙන මැරයින් ලවා වාහන පහර ගැනීම මිලේච්ජයින් ජීවත් වෙන රටක සිදුවෙන සාහසික ක්‍රියාවක්... වාහන හිමියාට සාධාරණයක් ඉටුවිය යුතුයි.
සීසර්ලා කියලා රැකියාවක් නැහැ.. එහෙම රැගෙනයාම නීති විරෝධියි. සීසර්ලා මැරුණත් කවුරුවත් වගකීම බාරගන්නේ නැත.. සීසර්ලා මැරුණත් ෆ්නෑන්ස් සමගම වගකියන්නේද නැත.
ලිසිං සමාගම් ණය මුදල් දෙනකොට සකස් කරන ගිවිසුම් ඔක්කොම තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ දෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ලිසින් සමාගම් වල සේවය කරන සේවකයන් ඉංග්‍රීසි දන්නා කෙනෙකුට වුණත් කියවන්න වෙලාවක් දෙන්නේ නැහැ. අනවශ්‍ය කලබලයක් බොරුවට ඇතිකරලා අතන අත්සන් කරන්න මෙතන අත්සන් කරන්න කියමින් අත්සන් ගන්නවා. පසුව ගිණුමට පොලියට අමතරව විවිධාකාර ගාස්තු එකතු වෙනවා. අන්තිමට වාරිකයක් ප්‍රමාද වුණොත් ගනුදෙනු කාරයින් වැලේ වැල් නැතිවෙන විදිහට වැල් පොලී හැදිලා... ගෙවා ගන්න බැරිවුණු ගමන් මැරයින් දමලා වාහනය උස්සනවා. ඊට පස්සේ වෙන්දේසි කරලා දමනවා.
සීසර්ලාගෙන් 99%ක්ම පාතාලේ මැරයන් හෝ හමුදාවෙන් පැනගිය පුද්ගලයින්..
රජය මැදිහත්ව මේ පාහර වැඩේ නවත්වන්න ඕනේ. මෙහෙම එන අය මෙහෙම මැරෙන එක වලක්වන්න පුලුවන් හොඳම ක්‍රමය ඒක වාහනය පැහැරගන්න එන කෙනාගේ පැමිණිල්ල නෙවෙයි පොලිසිය ලියාගන්න ඕනේ පැහැරගත්ත වාහනේ අයිතිකරුගේ පැමිණිල්ලයි. අනික අර මැරුන කෙනා ඉස්පිරිතාලෙට බාරදීල පැනපු අය අල්ලන්නෙ නැද්ද?
බලෙන් ගෙනයාමට කාටවත් නීතියෙන් බලයක් නැත. සීසර්ලා පාඩමක් ඉගෙන ගත යුතුය.
ලීසිං හෝ ෆිනෑන්ස් නොකර අතේ සල්ලිවලට වාහන ගත්තා නම් ඔය මොකුත් කරදර නැහැ නේද?