(බිඟුන් මේනක ගමගේ)
සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව ඊට මුදා හළ මූලාශ්‍ර ගැන හෝඩුවාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය මගින් ඒ ගැන මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඒ අනුව මෙම හඳුනාගැනීම් කර ඇතැයි ද මහාචාර්ය විදානපතිරණ මහතා කීය.
වීඩියෝවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනියකගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද ඉදිරියේ දී ඇය තවත් තොරතුරු ලබාදීමට නියමිත යැයි ද විදානපතිරණ මහතා කීය.
එම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විවේචන එල්ල කළ ද ළමා අපයෝජන සිදුවීමක් බැවින් සංවේදී ලෙස විමර්ශන කිරීමට සිදුව ඇතැයි සභාපතිවරයා කීය.
රජයේ රස පරීක්ෂකවරයාට එම වීඩියෝව ලබා දී ඊට අමතරව අධිකාරියේ පොලිස් ඒකකය මගින් වෙනම විමර්ශනයක් සිදුවන්නේ යැයි ද මහාචාර්ය විදානපතිරණ මහතා පැවසීය.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙම සිදුවීමට බලධාරින් නීතිය ක්‍රියාමක කරන්නේ මන්දගාමීව යැයි චෝදනා කරමින් පසුගියදා කොළඹ දී උද්ඝෝෂණයක් ද පැවැත්වූ අතර නීතිඥ සේනක පෙරේරා විසින් මේ ගැන එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ද (යුනිසෙෆ් ආයතනය) පැමිණිල්ලක් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
52
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා ලිංගික අපයෝජන වීඩියෝව ගැන හෝඩුවාවක්
Malka Thursday, 27 February 2020 11:38 PM
ඔව්, නවත්තන්න මරණ දඬුවම දිය යුතුයි. ලංකාව විනාශ කළා...
f Friday, 28 February 2020 07:34 AM
මේවාට දේශපාලකයා කරන්නේ සහයෝගය දක්වන එකයි.