
(එම්.ආර්. ප්‍රියශාන්ත සහ ශාන්ත පී. බණ්ඩාර)
ගැබිණි තරුණියක නිවෙස අසල ළිඳට වැටීමෙන් පසු දරුවා බිහි වීමෙන් එම බිළිඳා මරණයට පත්ව සිටියදී සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි.
රඹුක්කන, පත්තම්පිටිය , කෙම්පිටිවත්ත පදිංචිව සිටි මෙම 28 හැවිරිදි මෙම කාන්තාව මෙම සිද්ධියට මුහුණ දී ඇත.
මෙම තරුණිය නිවෙස තුළ නොසිටි නිසා ඇගේ මව සහ සහෝදරියක ඇය පිළිබඳව සොය බලා ඇති අතර වත්ත පහළ ළිඳට වැටී සිටියදී අසල්වාසීන්ගේ සහායෙන් ඇය ගොඩ ගෙන රෝහල් ගත කර ඇත.
රෝහල් ගත කළ ඇය තමාට දරුවකු ලැබෙන්නට සිටි බවත් එම දරුවා ළිඳේදී බිහි කළ බවත් පැවැසීමෙන් පසු ළිදේ වතුර ඉවත් කර බැලීමේදි බිළිඳු මළ සිරුර සොයාගත් බව ද පොලිසිය කියයි.
මෙම කාන්තාවගේ සැමියා විදේශ ගතව සිටින බව ද වාර්තා වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි.
දරු පැටියා දකිද්දී ඇඟ සීතල වෙලා ගියා. මේ වගේ සිද්ධි වලදී මොනවා ලීවත්, කීවත් වැඩක් නැහැ.
සැමියා විදේශගතවෙලා අවුරුදු කීයක් වෙනවද කියලා හොයා බැලුවා නම් හොඳයි..