
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
‘හුස්ම වෙනුවෙන්’ යන තේමාව යටතේ ස්වභාදහම් හා පාරිසරික අධ්‍යන මධ්‍යස්ථානය සංවිධානය කළ ජනතාව දැනුම්වත් කිරීමේ වීදිනාට්‍ය ප්‍රසංගයක් සහ අත්පත්‍රිකා බෙදාදීමක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (22) සවස පැවැත්විණ.
ඔබට හුස්ම ,ජලය ,ආහාර දෙන මේ මිහිකත සුරකිමු ! රටේ පරිසරය සුරකීමට අත්වැල් බැඳගමු ! යන පණිවිඩය ජනතාව වෙත රැගෙනයාම මෙහි මුලික අරමුණ වූ අතර ස්වාමීන්වහන්සේලා , කතෝලික පැවිදි සොහොයුරියන් , විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඇතුළු ස්වභාදහම් හා පාරිසරික අධ්‍යන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයත් කරන්නේ පරිසර දූෂණයක්නේ. බෙරගහලා, කෑගහලා ශබ්ද දූෂණය එක පැත්තකින්... ලීෆ්ලට්ස් මුද්‍රණයත් විනාශ වෙන්නේ ගස් කොළන් කියලා මේ උන්නාන්සේලා සහ පිරිස දන්නේ නැද්ද...?
සොබාදහම් අම්මාගේ දරුවනි, පරිසරය සුරකින්නට දිවි දෙවැනි කොට " නොමිනිසුන් " හා සටන් වදින ඔබ සැමට අවශ්‍ය දිරිය , ශක්තිය , නොඅඩුව ලැබී ,සියලුම දෙවිවරුන්ගේ සහ සොබාදහම් අම්මාගේ ආශීර්වාදය සහ ශක්තියෙන් ඔබ සැමගේ දිවි රැකදේවා....!!! ඔබලා රටට ණය නැත.
රඟනවා නම් පාර්ලිමේන්තුවේ රඟන්න. පිදුරු ටිකකුත් අරන් යන්න.