(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබීමට නියමිත ප‍්‍රගතිශීලි මුස්ලිම් ඡන්ද වැළැක්වීම මෙහි අරමුණ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද(14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
‘‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද වැළැක්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් එක්ව එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය කාල සීමාව තුළ මුස්ලිම් ජාතිකයන් අන්තවාදය දෙසට ගෙන ගිය හිස්බුල්ලා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට ඉදිරිපත්වී සිටිම ගැන උපවාස කළ අතුරලියේ රතන හිමියන් හා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන්ගේ ස්ථාවරය රටට හෙළි කළ යුතුයි. හිස්බුල්ලා, කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුළු අන්තවාදී හා ජාතිවාදී කොටස් පමණක් ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටිනවා. ඔවුන් බලයට පැමිණියහොත් රටතුළ අන්තවාදි හා ජාතිවාදී ගැටුම් යළි ඇතිවිය හැකියි.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයින් තවත් අපේක්ෂකයින්ගේ සහයට ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ඉදිරිපත්වී සිටින්නෙ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන නෙමෙයි. මෙවැනි මැතිවරණයකට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ නොහැකි බව 1989 සිට පාර්ලිමේන්තුවේ සිටි ඔහු දන්නවා.
පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්නා. ජනාධිපතිවරයා විසින් ඔහු නැගෙනහිර ආණ්ඩුකාරධූරයට පත් කළ පසුයි වත්මන් ආණ්ඩුවට අවාසිදායක ලෙස ඔහු හැසිරුණේ. ඒ විදියට ප‍්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂට හෝ ගොඨාභය රාජපක්ෂට විරුද්ධව ඔහු කිසිදු අවස්ථාවක අදහස් පළකළේ නැහැ. දැන් කියනවා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ බව.
ඔහු ඉදිරිපත් වුණේ ඇයිද කියා අපි සොයා බැලිය යුතුයි. එස්.බී.දිසානායක කියා තිබෙනවා හිස්බුල්ලා ඉන්නේ ගෝඨාභය දිනවන්න කියලා. ඒ කියන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද අඩුකරන්න හිස්බුල්ලා ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි.
විශ්වවිද්‍යාලයක් හදන්න කියා පිටරටින් මුදල් ගෙන්වාගත් බවට ඔහුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒවායෙන් ගැලවෙන්න බැසිල් රාජපක්ෂ එක්ක එකඟතාවයකට ආවාද කියන සැකය ඇතිවෙනවා. ඒ ගිවිසුම මොකද්ද කියලා රටට හෙළිකළ යුතුයි. මුස්ලිම් ඡන්ද 15,000ක් තියාගෙන ඔහු නටන නාඩගම මොකද්ද කියලා කිව යුතුයි.
ජාතිවාදී ප‍්‍රශ්නයක් රට තුළ නිර්මාණය කරන්න බැසිල්, කරුණා, පිල්ලෙයාන්, හිස්බුල්ලා ගහපු ගිවිසුම හෙළි කළ යුතුයි. මොවුන්ට තියෙන එකම අරමුණ ජාතීන් අතර වෛරය ඇතිකරලා ඡන්ද ලබාගැනීම පමණයි. පසුගිය කාලය පුරාවට මොවුන් සිදුකළේ එය පමණයි. පසුගිය කාලයේදී රතන හිමියන් හිස්බුල්ලාට විරුද්ධව උපවාස කළේ එකඟතාවයකින්ද කියන සැකය ඇතිවෙනවා. මොවුන් සියලුදෙනා දැන් ඉන්නේ එකම වේදිකාවේ”යනුවෙන් පවසා සිටියේය.
COMMENTS
බය වෙලා වගෙයි පෙනෙන්නේ.. ඔබතුමාලා දිනනවා නම් මොකද ඔච්චර අඬන්නේ...?
මුස්ලිම් විශ්වවිද්‍යාලය දුන්නා, තව්ජිත් ජමාත්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා රාජපක්ෂලා එක්ක යන්නේ නැතුව ඉඳීද හිස්බුල්ලා... අපේ වහල්ලුන්ට තේරෙන්නේ නැති වුණාට එයාලාට හොඳට මොලේ තියෙනවා...
හිස්බුල්ල නම් අන්තවාදී තමයි. කරුණායි, පිල්ලෙයානුයි කොටින්ගෙන් අයින් වෙලා අාමි එකට සපෝට් කළ බව කවුරුත් දන්නා දෙයක්. ඔවුන් කොටින්ගෙන් නැගෙනහිර මුදාගන්න ලොකු සපෝට් එකක් දුන්නා. හැබැයි සම්බන්ධන්, විජේකලා, සිවාජිලිංගම්ල නම් තවම ඉන්නේ කොටි එක්ක. තවම ඊළම වෙනුවෙන් පෙනී සිටිනවා. අන්න ඒ අයයි අන්තවාදියන්.
හිස්බුල්ලගෙයි, රාජපක්ෂ නඩෙයි කියන්නේ එකම කට්ටියක්... වෙනස ජාතියයි, ආගමයි විතරයි. චරිත, ගතිගුණ, කෑදරකම් කිසිම අඩුවක් නැතිව එකා වගේ...
මෙන්න මේ කපටි අසත්පුරුෂයින්ගේ කටින් උත්තරේ එළියට පැන්නා... මොවුන්ගේ නිවට කපටි වැඩ කොහොමද? මොවුන් ඔක්කොම අන්තවාදීන්, ත්‍රස්තවාදීන්...
වෙනස මොකක්ද? රිෂාඩ් බදුර්දින් වෙනමම ජනාධිපතිවරණයට ඉල්ලුවේ නැත්තෙත් වික්‍රමසිංහ එක්ක කළ ගිවිසුමක් අනුවනේ..
එතකොට හිස්බුල්ලාට තියෙන ත්‍රස්තවාදීන්ට උදව් කළා කියන චෝදනාව, විදේශ වලින් මුදල් හොරට ගෙන්නාගෙන විශ්වවිද්‍යාලයක් හැදුවා කියන චෝදනාව විභාග නොකර යටගහන්නෙත් රාජපක්ෂලාද?
මුජිබර් තමයි අනිත් කෙනා....
මුජිබර් කියන විදියට තර්ක කළොත් රනිල් සහ සජිත් යන දෙපලත් කලේත් බොරු මවා පෑ රණ්ඩුවක් තමන්ගේ ජන විශ්වාසය කඩ කරගත් පක්ෂය එක්සත් කිරීමට සහ නැවත ගොඩ ගැනීමට...
හිස්බුල්ලා එජාපයට සහාය දුන්නානම් අද කොහොම නටයිද?
එහෙම වෙන්නේ කොහොමද? හිස්බුල්ලා පාර්ලිමේන්තු ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්... ඔහු වෙනම ඉල්ලුවාම වමේ ගෝඨාභය මහතාට ලැබෙන ඡන්දයි අඩුවෙන්නේ... දැන් ජේ.වී.පී එක බලන්න. ගියපාර යූ.එන්.පී. යට සහාය දෙන්න ඉල්ලුවේ නැහැ. මෙවර පසුගිය පාලන කාලය තුළ වූ දේවල් නිසා කෙලින්ම යූඑන්පී යට සහාය දෙන්න බැහැ. එ් නිසා වමේ ඡන්ද කඩන්න ඉල්ලනවා. රතු අලි පැටව්...
යන්න අනේ බොරු බේගල් අතඅරින්නැතුව
රටේ අනාගතය ගැන පුරාජේරු කියන මෙම අපේක්ෂකයන් කරන්නේ ජාතික වැඩපිළිවෙලක් අරභයා කැප වී සිටින සහ ඒ අරබයා පැහැදිලි ඡන්ද ශක්තියක් ඇති ප‍්‍රධාන අපේක්ෂකයෙකුගේ සටන් පාඨ තමන්ගේ සටන් පාඨ බවට පත් කර ගනිමින් ඔහු පරාජය කර දැමීමට කූඨ ලෙස ක‍්‍රියා කිරීමයි.
ඔය එක්කෙනෙක්වත් නැතිව ගෝටා උඩින්ම දිනනවා.
බය වෙලා ඉන්නේ, මුස්ලිම් ඡන්ද වලින් දිනන්නේ ඉන්නේ, 2015 දී කරපු කුමන්ත්‍රණ මේ පාර හරියන්නේ නැහැ. ජාතිවාදේ ඇවිස්සුවට හරි ගියේ නැහැ නේද? හිස්බුල්ල යුඑන්පි සපෝර්ට් නම් හොදයිද?
රට ජාතිය රකින මිනිසුන් ගෝඨා වටේ එක්වන එකට කුහකයන්ට ඉර්ෂියයි .
බැලිනම් කාගෙ කාගෙත් බුල්ලා හිස්බුල්ලා ද?
රටේ බලය නීති ප්‍රකාරව ලැබුන පසු බලය ගන්න පෙර කිවූ දේවල් නොකර වෙන බහු බුත කරලා කාලය කාල රාජපක්ෂ බීතියෙන් වේලිලා ඉන්නේ .මිනිස්සු රාජපක්ෂලාට ඡන්දේ දෙන්නේ ඇයි කියන එක හොයන්නේ නැතුව එක එක ජාතියේ දේවල් කියල මිනිස්සු පිළිගනීද ? මිනිස්සු පිළිගන්න විදිහේ වැඩක් මේ අවුරුදු පහට කරයිද ? මේකත් එක්තරා ආකාරයේ මානසික ලෙඩක් .
හලෝ කරුණා අම්මාන්, පිල්ලෙයාන් යුද්ධය කාලේ ජීවිත පරදුවට තබලා අපිට උදව්කලේ ගිවිසුම් ගහලද කියලා ඇසුවේ නැත්තේ මොකෝ? ගිවිසුම් ගහලා නම් යුද්ධයෙන් පසුව ලැබුනේ මොනවාද කියා දක්කා නේද? ලැබුනේ ඇමතිකමක්... ඡන්දෙන් පැරදිලා විසිවෙච්ච එවුන්ටත් ඇමතිකම් දුන්නා නම් අපිට විශාල වශයෙන් උපකාර කල කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇමතිකම් දුන්නාම ඇති වැරැද්ද මොකක්ද. අදටත් කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඩයස්පෝරාව සමග කතා කරන්නේ සිංහලයා වෙනුවෙන්. රාජපක්ෂලා, හිස්බුල්ලා සමග ඇති ගිවිසුමක් නැත. අපිට කියන්න සජිත් ඔබලා සමග තිබෙන ගිවිසුම මොකක්ද? අපි එක හම්බයෙකුට ඡන්දය දෙන්නේ නැත...