( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නීතිපතිවරයා වෙත නොතීසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය අද(30) පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.
එසේම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ලබන 05 වැනිදා තෙක් කල් තැබීමට ද අභියාචනාධිකරණය නියම කළේය.
එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබු මෙම පෙත්සම් අද (30) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් හමුවේ කැදවිණී.
කොරෝනා වයිරස් තත්ත්වය හමුවේ ඉකුත් මාර්තු 20 වැනිදා සිට වසා දමා තිබූ අභියාචනාධිකරණය මාසයකට පසුව නැවත අධිකරණ කටයුතු සදහා ආරම්භ වූයේ මෙම පෙත්සම් සලකා බැලීම වෙනුවෙනි.
පෙත්සම කැදවූ අවස්ථාවවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කිසිදු රජයේ නීතීඥ නියෝජනයක් නොවිණි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපතිට නොතීසි දන්වා යැවු බවය.
ඒඅනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධයෙන් කරුණ දැක්වීමට නීතිපතිට නැවත නොතීසි දන්වා යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කළේය
පෙත්සම සලකා බැලීම ලබන මැයි 05 වැනි දිනට කල් තැබීමට ද අභියාචනාධිකරණය නියම කළේය.
මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් , ඔහුව වහාම පොලිස් අත්අඩංගුවට ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් වෙන වෙනම ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ඉක්‍රාම් මොහොමඩ් සහ සාලිය පීරිස් යන මහත්වරුන් ද , නීතිඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය පෙනී සිටියහ.
COMMENTS
ප්‍රවෘත්තියේ ඡායාරූපයේ සිටින්නේ අත්අඩංගුවට පත්ව සිටින නීතිඥ හිස්බුල්ලාද? නැතිනම් නැගෙනහිර හිටපු මහ ඇමති හිස්බුල්ලාද?
එතකොට ඔක්කොම දැනගෙන නිකන් හිටපු අපේ හිටපු සේනාධිනායකයා අත් අඩංගුවට ගන්නේ නැද්ද?
මේකේ ෆොටෝ එක මේ නිව්ස් එකට අදාලද?
මුස්ලිම් සහ කතෝලික ජනතාව අතර කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ . ඔවුන් දෙගොල්ලොම රටේ ප්‍රධාන භාෂාවන් හොදට හසුරුවන්න පුළුවන් කොටස් දෙකක්... මේක චන්දය දිනන්න කරපු මහා ජරා වැඩක් . අපේ රටේ ඔත්තු සේවය වගේම ඉන්දියාවෙනුත් අපිට ඔත්තු ලැබුණා මේ බෝම්බ ප්‍රහාරය පිලිබදව... මේවා දැනගෙන කිසිම දෙයක් කරේ නැහැ මිනිස්සු මැරෙනකන්ම... මොකද මේ උඩින් චන්දය දිනන්න ඕනේ නිසා... දැන් ඔය කියන නායක ඉන්නෙත් ඔය චන්දය දිනපු පැත්තේ තමයි...
නීතිපති දෙපාර්තුමේන්තුවේ වැඩ පටන්ගෙනද? කොරෝනා වසංගත ආසාධිතයකු හින්දා දෙපාර්තුමේන්තුව වහලා තිබුනයි කියලා ප්‍රවුර්තියක් නම් දැක්කා. ඔය දෙපාර්තුමේන්තුව හොඳට විෂබිජානුහරණය කරන්න වෙනවා. රටේ ඉන්නා දුෂිතම දේශපාලුවන්ගේ හා අනිකුත් ශිෂ්ඨ සමාජ විරෝදින්ගේ ලිපිගොනු සෑහෙන ප්‍රමාණයක් ඔකේ ඇතුලේ. නැතිනම් එම ලිපිගොනු වලට " කොරෝනා සරණං ගච්චාමි "." දෙයියෝ බලාගත්තාවේ " " දෙවියන් වහන්සේගේ කැමැත්ත " තමයි ඉතිරිවෙන්නේ..
චන්දෙ ලගයි චන්දෙ ලගයි ... ලාබයි ලාබයි ...
මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම නීති විරෝධී. නීතිඥ හිස්බුල්ල වැදගත් පුද්ගලයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නොවේ. මේ අත්අඩංගුවට ගැනීම ඔහු යහපාලන ආණ්ඩු කාලයේ සිරිසේන- මහින්ද කල කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රේෂ්ඨධිකරණයෙහි කල විශිෂ්ඨ කරුණු දැක්වීමට එරෙහිව කරන පලිගැනීමකි. ඔහු ත්‍රස්තවාදියෙකු වී නම් අද මෙන් නොව ඒ කාලයෙහි රහස් සිටි විශිෂ්ඨ නිලධාරින් සහ පාස්කු බෝම්බ පරීක්ෂණයට සම්බන්ධවූ ඇති දක්ෂ විදේශ රහස් ඔත්තු සේවාවන් විසින් එදාම එය සොයා ගැනීමට ඉඩ තිබුණි. එසේ නොමැතිව අද මේ ප්‍රභූන් පිනවා පත්වුණු වැඩ බැරි බොරු සෝබන පන්දම් කාරයන්ට එවැනි අලුත් දෙයක් සොයාගැනීමට හැකිවීමම විහිළුවක් නොවන්නේද? වහාම ඔහු නිදහස් කරනු.