(කේ බුද්ධික කුමාරසිරි )
කොළඹ - ගම්පහ දිස්ති‍්‍රක් යා කෙරෙන හංවැල්ල පාලම හරහා වාහන ධාවනය නැවත දැනුම් දෙනතුරු සීමා කිරීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අවිස්සාවේල්ල විධායක ඉංජිනේරු සංජීව එදිරිසිංහ මහතා පැවසීය.
එම පාලමේ ආරුක්කුවේ පවතින දෝෂයක් හේතුවෙන් පාලම සුළු වශයෙන් ගිලා බැසීමකට ලක්ව තිබෙන බවත් පාලම ප‍්‍රතිසංස්කරණය කටයුතු සිදුකරන බවත් ඔහු කීය.
වර්ෂ 1962 මැයි මස 3 වැනි දා හිටපු අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය විසින් මුල්ගල් තබා 1968 පෙබරවාරි මස 11 වැනි දා එවක තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය මේජර් මොන්ටේගු ජයවික‍්‍රම මහතා විසින් මෙම පාලම ජනතා අයිතියට පත් කෙරිණි.
දකුණ සහ මධ්‍යම පළාත යා කෙරෙන කෙටිම ගමන් මාර්ගය ලෙස මෙම පාලම භාවිතා කිරීම නිසාවෙනුත් හයිලෙවල් මාර්ගයේ සහ ලෝ ලෙවල් මාර්ගයේ පැමිණෙන රථ වාහන පූගොඩ කිරිඳිවැල හා නව නුවර පාරට සම්බන්ධ වීම සඳහාත් වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය කරන බව අවිස්සාවේල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලම හදල අවුරුදු 50ක් ඇතුලත ගිලා බහිනවා කියන්නේ ඒක හදලා තියෙන තත්ත්වය පේනවා.