
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල වෑඑළිය වල්මීතලාව රක්ෂිත කැලෑවේ හටගත් විශාල ගින්නක් මේ වන විට වේගයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීහු පවසති.
සුළං සමග ඉතා ඉහලට ගිනිදැල් විහිදී යන බවත් එම ස්ථානයට ළඟා වීම ඉතා අසීරු වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
මේ පිළිබඳව හල්දුම්මුල්ල පොලිසිය දැනුවත් කළ බවද මෙම කැලෑව සමීපයෙ ගම්මිරිස් රබර් හා මැහෝගනී වගා කළ පෞද්ගලික ඉඩම් ද ඇති බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.
මීට දින දෙකකට පමණ පෙර වෑඑලිය වසම වන මෙම වසමේ ගිනි ගැනීම් දෙකක් බෝගන්දෙන මහ කැලෑවෙ සහ පතහා මහ කැලෑවේ ඇති වූ බව ද ආපදාකළමනාකරණ අංශය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd