(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල රුක්කත්තන කන්දේ සහ කහට තලාව කන්දේ අද (7) ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදයකුමාර මහතා පැවසීය.

මෙම ගිනි ගැනීම් දෙකම විශාල වශයෙන් පැතිර යන බවත් හල්දුම්මුල්ල පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න නිවා දැමීමේ මෙහෙයුමක නිරත වී ඇති බවත් ඒ මහතා පැවසීය.

වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න විශාල වශයෙන් පැතිර ඇති බවත් මේ වන  විටත් අක්කර 15 ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

මේ වන විට වගා බිම් ද ගින්නට ගොදුරු වෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.