
(සමන් පාලිත නානායක්කාර)
අධික ලෙස වැසි ඇදහැලෙමින් පවතින බැවින් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අද 19 සවස නායයාමේ අවදානම් කහ නිවේදන නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ නිසා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවදානම් කලාපවල සිටින ජනතාව තවදුරටත් වර්ෂාව පවතී නම් නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස්කඳු කඩාවැටීමේ, හා පොළොව ගිලා බැසීමේ අවදානම් අවස්ථා පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටි යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd