(එෆ්.අස්ලම්)
අධ්‍යාපන චාරිකාවක් අතරවාරයේදී ත්‍රීකුණාමලය ,ගෝමරංකඩවල වැවෙහි දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල විද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය.
එමෙන්ම ඌව පලාත් අධ්‍යාපන ලේකම් සන්දියා අඹන්වෙල මහත්මියගේ සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුගේ මූලිකත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද සිදුවෙමින් පවතින බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
පසුගිය පෙබරවාරි 18 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ මූලික විමර්ශනයට අනුව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව වයස අවුරුදු 59ක් සපිරෙන හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම යැවීමටත් සිසුන් කැටුව ගිය ගුරුවරුන් සිව් දෙනාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය මත ඔවුනට වැඩ තහනමක් පැනවීමටත් තවත් ගුරුවරියන් දෙදෙනෙකු ඌව පළාතේ අති දුෂ්කර පාසල් වෙත ස්ථාන මාරු කර යැවීමටත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.
ආණ්ඩුකාරවරයාගේ නියෝග මත ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇත.
අධ්‍යාපන චාරිකාවක් අතරවාරයේ සිසුන් 7 දෙනෙකු දිය නෑමට යාම සහ එසේ ගිය සිසුන් 4 දෙනෙකු මියයාම ඔවුන්ව කැටුව ගිය ගුරුවරුන්ගේ නොසැළකිලිමත්කම නිසා සිදුවූ බවට ත්‍රීකුණාමලය නාගරික මරණ පරීක්ෂකවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබුනි.
ගුරුවරුන් සිව්දෙනාට ලබාදුන් දඩුවම ගුරුවරියන් දෙපලට ලබා නොදුන්නේ ගුරුවරියන් සිසුන් බාරව කටයුතු නොකළ හෙයින් යැයි ද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
COMMENTS
මේකට ගුරුවරුන් වැරදි නෑ.... නොහික්මුණු දරුවන් හදපු දෙමව්පියෝ වැරදි.... දැන් ගුරු වරයෙක්ට බෑ අවවාදයක් හෝ දඩුවම් කරන්න දෙමව්පියෝ පොලීසි ගානේ, මානව හිමිකම් කොමිෂන් ගානෙ යනවා. පානදුරේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් වේවැල් පාරක් ගැහුව කියලා දොස්තර තාත්තා කොන්දොස්තරගෙ මට්ටමින් පහලට වැටිලා මානව හිමිකම් ගිහින් දැන් අර ගුරුවරයට රස්සාවත් නෑ පැන්ෂන් එකත් නෑ.... ඔය පාසල මත් රකුසා අරක් ගත් එකක්. මම මේක ගැන විනය බාර, උප විදුහල්පති සහ විදුහල්පති දැනුවත් කරා... නමුත් කිසිම දෙයක් ගැන හොයල බැලුවෙ නෑ. තවත් එක ගුරුවරයෙකු මට කිව්වේ ඒක ගැන කථා කරන්න එපා වැඩක් නෑ ලමයි හදන්න ගිහින් අපි මොකටද රස්සාව සහ පැන්ෂන් එක නැති කර ගන්නේ කියලා? අපේ පාසැල් අවදියේ ගුරුවරු මොන දඩුවම දුන්නත් අපේ මව්පියන් අපිට තව පාර ක් ගැහුවාමිස කවදාවත් පාසලට ගියේ නෑ.... මේකට තනිකර වගකියන්න ඕන ඒ මව්පියන්.... එ මැරුන ළමයින්ගේ නොහික්මුණු කමට ඒ අහිංසක ගුරුවරුන් වැරදි නෑ
ආණ්ඩුකාරවරයාගේ නියෝගයට අපගේ බලවත් විරෝධය... ගුරුවරු නි මින් මතු සිසුන් අධ්‍යාපන චාරිකා ගෙන යාමෙන් වලකින්න. තමන්ගේ රැකියා ව කර ගෙන ඉන්න.
පාසල් වලින් සිදුකරන අධ්‍යාපන චාරිකා වහාම නැවැත්විය යුතුයි. ළමුන් සිය ගණනක් පාලනය කිරීම ගුරුවරුන් හතර පස් දෙනෙකුට ඉතාම අපහසුයි. මෙවැනි චාරිකා වලින් ලබාගන්නා අධ්‍යාපන දැනුම ද ඉතාම අල්පයි. ගුරුවරුන් සහ අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපන චාරිකා සංවිධානය කරීමෙන් සිදු කරන්නේ අනවශ්‍ය අවදානමක් ලබාගැනීමයි.
මෙම චාරිකාව අනුමත කළ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇතුළු සියලුම දෙනාගේ වැඩ තහනම් කොට පරීක්‍ෂණ අවසන අධිකරණය ට යොමු කිරීම අවශ්‍ය බවයි තේරුම් ගත යුත්තේ. නැතහොත් වගකිව යුත්තෝ සුද්දන් වී විදුහල්පති ගේ කීම මත මෙම චාරිකාවට සහභාගී වූ අහිංසකයන් බිල්ලට යනු ඇත. දරුවන්ට වැරදි පැටවීමට කිසිසේත්ම ඉඩක් මෙහි නැත.
පාසල් වල අධ්‍යාපන චාරිකා මීට පස්සේ සංවිධානය කරන එකෙන් ගුරුවරු වලකින්න.. තමන්ගේ රැකියාව බේරගන්න.. ට්‍රීප් යන්න ඕන දෙමව්පියෝ තමන්ගේ ළමයි අරන් ට්‍රිප් යන්න... හැම කුණුගොඩක් ම තුට්ටු 2 පඩියට කරලා තව රස්සාවත් නැතිකරගන්න එපා..