IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


හොර දොස්තරලා 40,000 ක්

(දසුන් රාජපක්ෂ) 

දිවයින පුරා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් 40,000ක් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව වාර්තා වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
මෙම ව්‍යාජ වෛද්‍යවරුන් අතරින් 10,000 ක පිරිසකගේ අනන්‍යතාවය මේ වන විට තහවුරු කරගෙන තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (17) ප්‍රකාශ කළේය.
 
අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර අනුගමනය කිරීම සඳහා ඔවුන්ගේ විස්තර නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශය සහ බටහිර, ආයුර්වේද හා හෝමියෝපති යන වෛද්‍ය සභා තුනෙහි බලධාරීන් වෙත ලබාදී ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතුව පවතින දත්ත වලට අනුව වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් කිසිදු සුදුසුකමක් නොමැතිව වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ වෛද්‍යවරුන්, බටහිර,ආයුර්වේද හා හෝමියෝපති යන වෛද්‍ය සභා තුන යටතේ තමන් උගත් වෛද්‍ය කර්මය වෙනුවට වෙනත් වෛද්‍ය කර්මයක් භාවිතා කරමින් ප්‍රතිකාර කටයුතු කරන වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ඇතුළු අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලවල වෛද්‍යවරුන් වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට යම් සම්බන්ධයක් පවතින නමුදු තමන්ට නැති සුදුසුකමක් පෙන්වා වෛද්‍ය කර්මයේ යෙදෙන පුද්ගලයන් වශයෙන් වර්ගීකරණයට ලක් කළ හැකි බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
 
ව්‍යාජ වෛද්‍යවරුන් සමාජයෙන් තුරන් කිරීම සඳහා පවතින නීති රාමුව ශක්තිමත් කර සුදුසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කර වරදකරුවකු වන පුද්ගලයකුට රු. 10,0000ක දඩ මුදලක් සහ වසර පහක් දක්වා සිරදඬුවමක් ලැබෙන නීති අලුතින් සම්පාදනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
 
එමෙන්ම වෛද්‍ය සභා තුනෙහි ලියාපදිංචි වී සිටින වෛද්‍යවරුන්ගේ දත්ත ගොනුවක් ආරම්භ කර අඛණ්ඩව යාවත්කාලීන කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි බාර ගන්නා පැය 24 පුරා විවෘතව පවතින තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා එහි දුරකථන අංකය ප්‍රසිද්ධියට පත්කිරීම සහ කෙටි දුරකථන පණිවුඩ මගින් වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම යන ඉදිරි පියවරයන් රජය ක්‍රියාවට නංවන්නේ නම්, ව්‍යාජ වෛද්‍යවරුන්ට සමාජය තුළ කිසිදු ඉඩක් නොලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
 



අදහස් (4)

හොර දොස්තරලා 40,000 ක්

රවින් Monday, 17 February 2020 01:14 PM

හා !!! 40000ක්? මෙම උදවිය ගැන සම්පුර්ණ විස්තර සපයන්න. මිනි පෙට්ටි සාප්පු දාන්න සුදුසු ස්ථාන අපිට සොයාගත හැක.

:       11       40

menna Monday, 17 February 2020 02:38 PM

අපේ සල්ලි තියෙන අය සිංගප්පූරු යන එක අහන්න දෙයක්ද?

:       0       2

Mahee Tuesday, 18 February 2020 01:03 AM

රවීන්, එයින් දහ දෙනෙක් ඔබේ කමෙන්ට් එකට ඔන්න ඩිස්ලයික් දාල තියෙනවා. අනික් කට්ටියෙන් කීපදෙනෙක් දියවන්නාවෙත් ඉන්නවා කියලයි මං හිතන්නේ.

:       0       1

de silva Tuesday, 18 February 2020 07:07 AM

ලංකාවේ ඉන්න දොස්තරලගෙන් 90% ම නිසිලෙස අදායම් බදු නොගෙවන අය බව ඔබ දන්නවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 404 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site