
නීති විරෝධිව රිවෝල්වරයක් ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු මහරගම පන්නිපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි.
විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු 45 වැනි වියෙහි පසුවන බව ද පොලිසිය පවසයි.
සැකකරු සහ ගිනි අවිය සමග මහරගම පොලිසියට බාරදි ඇති අතර අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS