(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගෙන සිටින ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින ලෙස ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු ලබන 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (4) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලැබී ඇති බව විමර්ශෙවලදී අනාවරණය වී ඇති හෙයින් ඒ සම්බන්ධ විමර්ශන අවසන් නැති බව අධිකරණයට දැන්වීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හොරොව්පොතාන පදිංචි අබ්දුල් ගවුෆර් මොහොමඩ් නැමැත්තා ය.
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් පවාස් ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් නැති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැන්වීමෙන් පසු එලෙස නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ලොක්කගේ ගේම්... අපි නොදන්නවයැ...