( පැතුම් දර්ශන)
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ අද (30) පැවැති සභා රැස්වීමේදී 2019 මුදල් කමිටුව පත් කර ගැනීට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය.
ඇති වු ගැටුම්කාරී තත්ත්වය සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියකගෙ දකුණු අතට ද කැපුම් තුවාල සිදු විය.
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සභාපති චාරුක උදයංග විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ පැවැත්විණි.
එහිදී මුල්ම යෝජනාව බවට පත්වූයේ 2019 වසර සඳහා වූ මුදල් කමිටුව පත්කර ගැනීමය.ඒ සඳහා සභාපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් කණ්ඩායමක් යෝජනා කළ අතර විපක්ෂයෙන් ද තවත් කණ්ඩායමක් යෝජනා කළේය.
ඒ අනුව ඡන්දයක් පැවැත්විය යුතු බවට සභාපතිවරයා විසින් තීරණය කළ අතර එහිදී පළමුවෙන්ම ඡන්ද විමසනු ලැබුවේ විපක්ෂය විසින් යෝජනා කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ය. ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද නමයක් ලැබුන අතර විපක්ෂව ලැබුණේ ඡන්ද හතක් පමණි.
එහිදී ස්වාධීන කණ්ඩායම් නායක බණ්ඩාරවෙල සංඝානන්ද හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අශෝකා අයිරාංගනී මන්ත්‍රීවරිය සහ පොදුජන පෙරමුනේ නිලන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ස්වාධීන වීම විශේෂත්වයකි.
මෙතෙක් කල් ආණ්ඩු පක්ෂය සමග එක්ව කටයුතු කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සහ උප සභාපති ආර්. ජයතිස්ස සහ තරංග කුමාරසිංහ යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ යෝජනාවට පක්ෂව ඡන්ද ලබාදීම ද තවත් විශේෂත්වයකි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කළ ඡන්ද විමසීමේ දී තමන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පරාජය වූ බව දැනගත් සභාපති චාරුක උදයංග විජයරත්න මහතා සභා රැස්වීම පැයකට කල්තබා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙවර සභා වාරයට සහභාගී විය නොහැකි බව ලිපියකින් දන්වා සිටී.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක වන එම්. මල්ලිකා මහත්මිය සභාපතිවරයාගේ නිල රථයෙන් ඇගෙ නිවසෙ සිට සභාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
හූ කියමින් කෑ ගසමින් ශාලාවේ මේස වලට ගසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ කටයුතුවලට දැඩි බාධා එල්ල කළේය.
විපක්ෂයේ දැඩි හූ හඬ මධ්‍යයේ පැයකට පසුව යළි සභා රැස්වීම ආරම්භ කළ සභාපතිවරයා මුදල් කමිටුවට තමන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහා ඡන්ද විමසීමක් සිදු කළේය.
හූ හඬ සහ කෑගැසීම් මැද සිදු වූ එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද දහයක් සහ විපක්ෂව ඡන්ද නවයක් ලැබිණි. පෙර ඡන්ද විමසීමේදී ස්වාධීනව සිටි බණ්ඩාරවෙල සංඝානන්ද හිමියන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අශෝක අයිරාංගනී මන්ත්‍රීවරිය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර පොදුජන පෙරමුණේ නිලන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා සභාගැබෙන් පිටව ගියහ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා දක්වමින් පැවසුවේ අසනීප තත්වයෙන් සිට පසුව පැමිණි මන්ත්‍රීවරියට මුදල් කමිටුව සම්බන්ධයෙන් ඡන්දය ලබා දිය නොහැකි බවය. මන්ත්‍රීවරිය පැමිණෙන විටත් මුදල් කමිටු යෝජනාව සභාවට ඉදිරිපත් කර එක් ඡන්ද විමසීමක් සිදු කර අවසන් වී ඇති බැවින් ඇයට ඒ සඳහා ඡන්දය ලබා දිය නොහැකි බව පවසමින් ඔවුහු විරෝධතා දැක් විය.
කෙසේ වෙතත් මෙම සිදුවීම සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ උප සභාපති ජයතිස්ස මහතා කෑගසමින් හූ කියමින් දැඩි විරෝධතාවය දැක්වූ අතර උප සභාපති ආර් ජයතිස්ස මහතා රැස්වීම් ශාලාවේ මේසය මත තිබූ වීදුරුවලට සහ ජල බඳුන් වලට අතින් ගසා බිම දැමීය.




2025 දෙසැම්බර් මස 04
602
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
514
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරොව්පොතාන ප්‍රා සභාවේ ගැටුමක්