(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරුණ ශාන්ත පතිනායක නමැත්තාටය.
2012 අගොස්තු 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම්කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂ ඒ. මධුර මහතාට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ යෙදී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
විත්තිකරුට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මිලි ග්‍රෑම් 3470 කට අවුරුදු 20 ක් හැටියට ගත්තොත් මිලි ග්‍රෑම් එකකට මාස තුන හමාරයි. එහෙම බැලුවහම, මාස 8 කට හිරේ ගිය මනුස්සය කුඩු මිලි ග්‍රෑම් දෙකකටත් වැඩිය ළඟ තියාගෙන ඉඳල වගේ නොවැ. ඔන්න පුතෝ, හෙම්බිරිස්සාව තියෙනවා නම් උසාවි යන්න එපා, වරෙන්තු වෙන්න අරිනවා ඊට හොඳයි. අපේ නඩුකාර හාමුදුරුවරු නීතියටයි වැඩ, තේරුනාද?