(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටියේ විශාලතම හෙරෝයින් තොගය සමඟ කඹුරාපොලදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඉල්ලීම පරිදි මාර්තු 5 වැනිදා දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර ලබාදෙමින් සැකකරු නැවත එදිනට ඉදිරිපත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු නාගොල්ලාගොඩ අඹගහගෙදර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඊයේ (27) සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් කිලෝග‍්‍රෑම් 10,200ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සිය යතුරුපැදියෙන් ගමන්ගන්නා අවස්ථාවේදී කිලෝ එකක ප‍්‍රමාණයක් ප‍්‍රවාහණය කරමින් තිබියදී කඹුරාපොල ප‍්‍රදේශයේදී සොයාගෙන තිබූ අතර වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ අල්මාරියක සඟවා තිබියදී අනෙක් කිලෝ 9,200 සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
ඔය කට්ටිය ගෙවල්වලට පැනලා රත්තරන් බඩු සහ මුදල් සොරකම් කරනවා ..... පොලීසියට කනිසිකෙනෙක් අහු වෙන්නේ නෑ.............
මම හිතන්නේ ග්‍රෑම් විය යුතුයි කියලයි.
මටනම් සැකයි මේ ගෝනි ගනන් අල්ලන කුඩුමද ආපසු එලියට ඇවිත් වෙනත් අයවිසින් බයක් නැතිව බෙදන්නයන්නෙ කියල.
සොක්කෝ මිසක් ලොක්කෝ කවුද කියල කවදාවත් රට දන ගන්නේ නෑ. ඒවා රාජ්‍ය රහස්. ඔක්කොම මධුෂ් පිට පටවන්න දැන් බැරි එකේ නිකම් ආසාවට අපට කියන්න බැරිද එක ලොක්කෙකුගේ නම?