(නිමන්ති රණසිංහ)
කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් කිසියම් අයකු විසිකරන ලද බෝම්බයක් වැනි පාර්සලයක් හේතුවෙන් එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
බෝම්බයක් ආකාරයෙන් ඔතා මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසිකර තිබීම සම්බන්ධයෙන් වහාම බොරැල්ල පොලිසිය දැනුවත් කළ බවත් එහිදී බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය පරීක්ෂා කරනු ලැබූ බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් පරීක්ෂාවට ලක්කළ එම පාර්සලය තුළ ඉතා සුක්ෂම ආකාරයෙන් අසුරා තිබූ හෙරොයින් සහ අයිස් මත්කුඩු, ජංගම දුරකථනයක්, චාජරයක් තිබූ බවට අනාවරණය වූ බව ඒකනායක මහතා සදහන් කළේය.
මෙම පාර්සලය සීවලිපුර ප්‍රදේශයේ මැගසින් බන්ධනාගාර තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසිකර තිබූ බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ඡායාරූපය - ඉන්දිකා රාමනායක


COMMENTS
බෝම්බයක් වගේ උඩින් විසිකරපු නිසා වෙන්න ඇති උණුසුම් තත්වයක් ඇතිවෙලා තියෙන්නේ..
පුදුම විහිළුවක් නොවේද මෙය? බන්ධනාගාරය අවට ඉඩම් බන්ධනාගාරයට අයිති ඉඩම් නොවේද? එහි පිටස්තරයින්ට රැදී සිටිය හැකිද? නොඑසේ නම් ඒවා වෙනත් පුද්ගලයන් විසින් බලෙන් පදිංචි වී ඒවා විය හැකියි.. එසේත් නොමැති නම් බන්ධනාගාරවල සේවය කරන වැදගත්, අවංක මහත්තයලාගේ වටිනා ක්‍රියාවක් විය හැකියි..