IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙරොයින්-මත්කුඩු බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළට පියාඹයි

(නිමන්ති රණසිංහ)

කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් කිසියම් අයකු විසිකරන ලද බෝම්බයක් වැනි පාර්සලයක් හේතුවෙන් එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

බෝම්බයක් ආකාරයෙන් ඔතා මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසිකර තිබීම සම්බන්ධයෙන් වහාම බොරැල්ල පොලිසිය දැනුවත් කළ බවත් එහිදී බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය පරීක්ෂා කරනු ලැබූ බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් පරීක්ෂාවට ලක්කළ එම පාර්සලය තුළ ඉතා සුක්ෂම ආකාරයෙන් අසුරා තිබූ හෙරොයින් සහ අයිස් මත්කුඩු, ජංගම දුරකථනයක්, චාජරයක් තිබූ බවට අනාවරණය වූ බව ඒකනායක මහතා සදහන් කළේය.

මෙම පාර්සලය සීවලිපුර ප්‍රදේශයේ මැගසින් බන්ධනාගාර තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසිකර තිබූ බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ඡායාරූපය - ඉන්දිකා රාමනායක



අදහස් (2)

හෙරොයින්-මත්කුඩු බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළට පියාඹයි

Ravi Sene Friday, 26 June 2020 07:34 AM

බෝම්බයක් වගේ උඩින් විසිකරපු නිසා වෙන්න ඇති උණුසුම් තත්වයක් ඇතිවෙලා තියෙන්නේ..

:       0       11

Raveendra Friday, 26 June 2020 08:01 AM

පුදුම විහිළුවක් නොවේද මෙය? බන්ධනාගාරය අවට ඉඩම් බන්ධනාගාරයට අයිති ඉඩම් නොවේද? එහි පිටස්තරයින්ට රැදී සිටිය හැකිද? නොඑසේ නම් ඒවා වෙනත් පුද්ගලයන් විසින් බලෙන් පදිංචි වී ඒවා විය හැකියි.. එසේත් නොමැති නම් බන්ධනාගාරවල සේවය කරන වැදගත්, අවංක මහත්තයලාගේ වටිනා ක්‍රියාවක් විය හැකියි..

:       0       323

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site