ඉන්දිකා රාමනායක
රුපියල් කෝටි 108 කට අධික වෙළඳ වටිනාකමකින් යුත් හොරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු හික්කඩුව ප‍්‍රදේශයේ කෝටිපති හෝටල් ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.
හික්කඩුවේ හෝටල් ව්‍යාපාරිකයා කොළඹට පැමිණ මත්කුඩු රැගෙන යන බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පොලිස් පරීක්ෂවරයකු වෙත ලැබුණු තොරතුරු අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී මෙම ව්‍යාපාරිකයා , ඔහුගේ ගෝලයා සහ ඇමෙරිකානු ජාතිකයකු මත්කුඩු කිලෝ එකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් හෙළි වු තොරතුරු අනුව සෙසු ඇමෙරිකානු ජාතිකයා හා ඇෆ්ගනිස්ථාන ජාතිකයා සුපිරි නිවාස සංකීර්ණයක දී අත්අඩංගුවට ගෙන තිබුණි.
සෙසු විදේශකයන් දෙදෙනා සිටි නිවසට පරීක්ෂා කිරීමේ දී එහි කාමර දෙකක විශාල ගමන් මලූ දෙකක ඇසුරුමක කිලෝ එක බැගින් අසුරා තිබු තවත් හොරොයින් කිලෝ 96 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය, මිරිහාන විශේෂ ඒකකය, විශේෂ බලකාය මේ දවස්වල විශාල වශයෙන් ලොකු තෝරු මෝරු මත්කුඩු ලොක්කෝ අල්ලනවා. අනේ හැබැයි එතනින් එහාට එයාලට වෙන දෙයක්නම් නැහැ. මොකද මේ කුඩු ලොක්කෝ ඔක්කොම දේශපාලන වශයෙන් ඉහලම සම්බන්දකම් තියන අය. අනේ ඉතින් කුඩු මිලි ග්රෑම් කීපයක් තිබිල අහු වුන පොඩි මිනිස්සු ජිවිතාන්තෙට හිරේ ගියත් මේ ලොකු කුඩු මුදලාලිලා නම් ජිවිතේට අධිකරණයකින් වැරදිකරු වෙලා හිරේ යන්නේ නෑ. වෙලේ සුදත් නිදහස් වුනානේ කිසි කරදරයක් නැතුව, මේක එහෙවු රට. එහෙවු අධිකරණ, එහෙවු පොලිස්, එහෙවු දේශපාලුවෝ ඉන්න රට.
සියලු සැප සනීප සහිතව රෝහල් පහසුකම් දැනටමත් සූදානම් කර ගැන ඇති!