(ජයන්ත සමරකෝන්)
හොරෙන් ජලය ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉඟුරුකඩේ හන්දියේ සිට කොළඹ වරාය නගරය සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගය ඉදිකිරිමේ දේශීය සමාගමකට රුපියල් ලක්ෂ 36 ක දඩ මුදලක් නියම කළ බව කොළඹ අනවසර ජල වැටලීම් ඒකකය පවසයි.
අඟල් 2 නළයක් යොදාගෙන වසර දෙකකට අධීක කාලයක් තිස්සේ මෙම ජල සොරකම සිදුකර ඇති අතර එම ජලය බවුසර් මගින් ප්‍රවාහනය කර ඇතැයි ද පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
ජල සොරකමට කොළඹ නගරයෙන් මෙවැනි විශාල දඩ මුදලක් නියම කර ඇති ප්‍රථම අවස්ථාව මෙය බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
COMMENTS
ලක්ෂ 36 ඉතාම මදි...
මාර්ගය හදන තාලේ ඉතාම පැහැදිලියි.
වසර දෙකක ජල හොරකමට ලක්ෂ 36 ක් යනු ඉතා කුඩා දඩයකි. 8 දෙනෙක් සිටින නිවසකටම ජල බිල මාසෙට 3000 ක් පන්නන විට අඟල් 2 නලයකින් බවුසර් පුරවා යවන විට කෙතරම් ජල බිලක් පැමිණේදැයි සිතා බලනු වටී.
මේක ගම්මන්පිලලාගේ වැඩක් කියලා රාවයක් තියෙනවා.