(නිමන්ති රණසිංහ)

යුත් තීරුබදු නෙගෙවා මෙරටට ආනයනය කරන ලද විදෙස් දුමිවැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කුට්ටිගල සහ මුල්ලෙයාවේලී ප්‍රදේශවලදී අද (19) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27 ක සහ අවුරුදු 44ක අයවලුන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් විදේශීය සිගරට් සංඛ්‍යාව 1341 ක් වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ සිගරට් තොගය කුට්ටිගල පොලිස් ස්ථානයට හා මුල්ලියාවේලි පොලිස් ස්ථානයට භාරදුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකයා සදහන් කරයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ හා විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව එම කඳවුරුවල නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබූහ.