(විනීතා එම්. ගමගේ)
රේගුවේ ඇස් වසා ගෙන්වන ලද කසළ බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් භූමියක තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා ගෙන ඇත.
වෙළඳ කලාපයේ සමාගමක් විසින් මෙම කසළ තොගය මෙරටට ගෙන්වා ඇත්තේ එක්සත් රාජධානියේ සිට බවත් 2017 හා 2018 වසරවල දී මේවා ගෙන්වා ඇති බවත් එහි කළ පරීක්ෂණවලින් හෙළිවූ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.
එම බහාලුම්වල තිබූ කසළ කන්ටේනර්වලින් ඉවත් කර ආසන්න භූමියක ගොඩ ගසා තිබූ බව ද ජයසිංහ මහතා කීය.
එක්සත් රාජධානියෙන් ගෙන්වන ලද මෙම අපද්‍රව්‍යවල ඉවතලන මෙට්ට කැබලි, කුෂන් කැබලි වාහන කාෆට් කැබලි ආදිය තිබු බව ද හෙතෙම සඳහන් කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් මෙම කසළ තොගය පරීක්ෂා කර ඒ පිළිබඳව අදාළ පරික්ෂණ පැවැත්වීමෙන් පසු එකී ඒවා මෙරටට එවනු ලැබූ සමාගම වෙත ආපසු යවන ලෙස ආයෝජන කලාපයේ සමාගමට නියෝග කළ බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එම සමාගමට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ප‍්‍රතිපත්තිය අනුව මෙන්ම ජාත්‍යන්තර බාසල් සම්මුතිය අනුව ද කිසිදු අපද්‍රව්‍යක් මෙරටට ගෙන්වීමට නොහැකි බව කී ජයසිංහ මහතා මෙසේ තවත් සමාගම් විසින් අපද්‍රව්‍ය ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව දිවයින පුරා පුළුල් පරීක්ෂණ ආරම්භ කරන බව ද සඳහන් කළේය.



COMMENTS
රේගුවේ ඉන්නේ තොත්ත බබලානේ කෙන්ටනර් 130ක් ඇස් වහල ගෙනියන්න.
මේවා ගෙනාපු උන්ව එල්ලා මැරිය යුතුයි.
කාලකන්නි... මුන්ට වැහි නැති අකුණු වදින්න ඕනේ... අපිට ඉන්න රටක් නැතිකරන එකට...
ඔය සමාගම්වල සභාපති ඩිරෙක්ටර්ලව ලංකාවේ කුණු ලොරිවල සේවයේ යොදවන්න.
රේගුවේ ඇස් වහලා ගෙනියන්න..! හම්බවෙයි..!! අනේ අපි දුක් විඳලා ගෙන එන පොඩි දේටත් ඇඟිල්ලෙන් ඇන.. ඇන.. හොයන එවුන්.. එකත් එකටම අතයට පිදේනි ගන්න ඇති..
මේ කන්ටෙනර් තොගේ පරික්ෂා කළාය කියලා අත්සන් ගහපු රේගු මහත්තුරු ටිකගෙන් එද්දී මොනවද තිබුණේ කියලා අහන්නේ නැතෙයි? නිකන් හරි පොඩි පෙට්ටියක් රට ඉඳලා එවපල්ලකෝ චෙක් කරන හැටි බලන්න..?
තව ටික දවසකින් ඕව ෂේප්..........අපේ දේසපලකයෝ ඕව නැතිකරවී
ඔව්ව ගෙන්වපු කෙනා භාර ගත්තොත් දඩ ගෙවන්න වෙන්නේ ගෙන්වපු කෙනටමයි. ගෙන්වපු කෙනා භාර නොගෙන උන්නොත් හරි රේගුවෙන් ආපසු යැවුවොත් හරි ඒ බරපැන දරන්න වෙන්නේ එවපු විදේශික සමාගමට. කොහොම උනත් මේ ගුදිරි කාටවත් පාවිච්චි කල නොහැකි තත්වයේ තිබෙන නිසා විනාශ කිරීම හැර වෙන කල හැකි යමක් නැහැ. නමුත් මෙව්වගෙ ඇති ස්ප්‍රින් වලින් අලුතින් ඉහල තත්වයේ ගුදිරි ප්‍රතිනිෂ්පාදනය කල හැකියි. විදේශ රට වලත් එසේ කරනවා. අද සංචාරකයන් සඳහා ඇති හෝටල් වල බොහොමයක ඉහල තත්වයේ මෙට්ට නැහැ. එනිසා ආනයන කරු ලවාම ස්ප්‍රින්ග් සහ හොඳ තත්වයේ ඇති ෆ්‍රේම් ඉවත් කරවා ඉතිරිය විනාශ කර දැමීම තමයි වඩාත් කාලෝචිත වන්නේ. ඒ ස්ප්‍රින් යොදා මෙට්ට නිපදවන අයුරු අන්තර් ජලයේ යු ටුබ් චන්ලයන් ඔස්සේ බලාගත හැකියි.මෙසේ පාවිච්චිකළ මෙට්ට ගෙන්වා අවශ්‍ය කොටස් හෙන ඉතිරිය කිසියම් අධීක්ෂණයක් යටතේ විනාශ කර දමා ඒ ස්ප්‍රින්ග් වලින් නිපදවන මෙට්ට ඉන්දියාව වැනි රටවලට ප්‍රති අපනයනයෙන් විශාල ආදායමක්ද රටට උපාය ගත හැකියි.
සමහරවිට කෝටිපති අංකූරෙක් දැන දැනම මෙව්වා ගෙන්නුවද දන්නේ නැහැ, ප්‍රකෝටි ගණක පාඩුවක් පෙන්නලා ආදායම් බදු වලින් අඩුකරගන්න. මේ රේගු පරීක්ෂණ වලට යන වියදම්, රේගු ප්‍රමාද ගාස්තු සේරම වියදම් විදියට අඩුකරගන්න පුළුවනි නේ?
මේ කසල ගෙන්වීමක්ද? නැතිනම් හොර පාරෙන් දේශීය බදුවලින් සූක්ෂම ලෙස රිංගා ලාභාංශ බ්‍රිතාන්‍යයට යැවීමේ ක්‍රමයක්ද...?
රේගුවේ ඇස් වහලා ගෙන්නලා කියන්නේ අවුරුද්දට අලියට ඇහැ තියන්න යනකොට ඇස් වහනවා වගේ... රේගුවේ කට්ටියගේ ඇස් රෙදි කෑල්ලකින් බැඳලද මේවා ගෙනැල්ලා තියෙන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ...
දවසක් අපි දැක්කා රට ගිහින් අවුරුදු ගාණක් වැඩකරලා ආපු තාත්තා කෙනෙක් තමුන්ගේ දරුවන්ට කන්න දෙන්න ඇපල් ගෙඩි ටිකක් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රේගුවේ නිලධාරි මහත්තයෙක් රාජ සන්තක කරන හැටි... එ්ත් මේවා ගෙනැල්ලා තියෙන්නේ එයාලගේ ඇස් වහලලු...