(ඉන්දිකා රාමනායක)
තෙල්දෙණිය ප්‍රදේශයේ රාජ්‍ය හා පුද්ගලික බැංකුවක ලිපි ශීර්ෂ සහිතව ව්‍යාජ ලිපි දෙකක් සකස් කර කුරුණෑගල ප්‍රදේශයේ කල්බදු සමාගමකින් මෝටර් රථයක් මිලදී ගැනීමට තැත් කළ සැකකරුවකු තෙල්දෙණිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල බැංකුවල සැකකරුට ලක්ෂ 28 ට තැන්පතුවක් ඇති බවට සඳහන් කරමින් මෙම ලිපි සකස් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd