IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හෝර්ටන්තැන්න නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ප.ව. 2ට අවසන්

(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 2.00 න් පසුව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
 
ඒ අනුව, වනෝද්‍යානයට ඇතුළුවීමේ ප්‍රධාන දොරටු වන ඔහිය හා පට්ටියපොළින් ප්‍රවේශපත් නිකුත් කරන්නේ උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. එම්. පී. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

 
ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ඇතුළු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹීම සඳහා දෙස් විදේස සංචාරකයන්ට  කිලෝමීටර් 8යි මීටර් 8ක  දුරක් පාගමනින් යායුතුව ඇති බවත්, ඒ සඳහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගතවෙන බැවින් එම කාලය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවත් ඒ මහතා කීය.
 
පා ගමනින් ගොස් නැරඹීම සඳහා  මෙරට ඇති ප්‍රධානතම වනෝද්‍යානය  හෝර්ටන්තැන්න වනෝද්‍යානය බවත්, එහි වෙසෙන වන සතුන්ට නිදැල්ලේ හැසිරීම පිණිස  වනෝද්‍යානය සවස 6.00 ට වසා තැබෙන බවත්, පස්වරු 2.00 න් පසුව ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබුවහොත් වනෝද්‍යානයට එම වේලාවට ඇතුළුවන සංචාරකයන්හට  පස්වරු 6.00 ට පිටතට පැමිණීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු කීය.
 
උදෑසන 6.00 වනවිට විදේශීය සංචාරකයන් වනෝද්‍යානය නැරඹීමට ඊට ඇතුළුවන බවත්, දේශීය සංචාරකයන්ටද හෝර්ටන්තැන්න වනෝද්‍යානය නැරඹීමට හැකි තරම් උදෑසන කාලයේ පැමිණෙන ලෙසත්, එවිට වනෝද්‍යානයේ නියම සුන්දරත්වය කලබලයකින් තොරව නිවී සැනසිල්ලේ නැරඹිය හැකි බවත් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු වැඩිදුරටත් කීය.
 
ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජල උල්පත්වල ආරම්භය, පතන් බිම්වල නිදැල්ලේ සැරිසරන ගෝනුන්, විවිධ කුරුල්ලන්, උස් කඳු මුදුන්, මල්වර්ග ඇතුළු අතිශය සුන්දර පරිසර පද්ධතියකින් සමන්විත හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයෝ 500,000කට අධික ප්‍රමාණයක් වසරකට පැමිණෙති.



අදහස් (0)

හෝර්ටන්තැන්න නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ප.ව. 2ට අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site