(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ නීතිවිරෝධීව රැගෙන යාමේ චෝදනාවට   වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද(05) නියෝග කළේය.
 
මෙලෙස දඩ නියම වූයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි තුවාන් ආපිල්ඩීන් නැමැති පුද්ගලයෙකුටය.
 
අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ  රහසිගත ලෙස රැගෙන ගොස් සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත සහකාර භාරකරු පී. ටී. දයාරත්න,  වන සත්ත්ව නියාමකරුක්ෂාන් ලක්ෂාන්ත යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට තිබු අතර, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා වන සත්ත්ව දෙපාර්තුමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලදි.