(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඩුබායි රාජ්‍යයට ගොස් සැඟවී සිටින දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අහංගම ලසන්ත නොහොත් ලසන්ත වික්‍රමසේකර නමැත්තා මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
ඉකුත් තුන්වැනි දින මාතර මිරිස්ස ප්‍රදේශයේ දී හෙට්ටි හේවගේ අමිල ප්‍රසන්න නොහොත් සන්සයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධ වූ පුද්ගලයකු බවත් පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු යුදහමුදා විශේෂ හමුදා විශේෂ බලකායෙ තුන්වෙනි බල ඇණියට අයත් සෙබළෙකි
මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සහ නීති විරෝවිරෝධී දේපළ වත්කම් ඉපයීමට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝවිරෝධී දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි
අත්අඩංගුවට ගත් සැකකරු මාතර මිදිගම ප්‍රදේශයේ හෝටලයක අයිතිකරුවකු බවත් පොලිසිය කියයි
2010 වසරේ දී ගිනි අවියක් ළඟ තමයි ගැනීම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු එරෙහිව මාතර අධිකරණයේ මේ වන විටත් නඩුවක් පවතින බවත් 2018 වසරේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා සමග ට් 56 ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මාතර මහාධිකරණයේ නඩුවක් ද පවතින බවත් පොලිසිය කියයි
ඝාතනයට ලක්වූ සන්සයින් සුද්දා නැමැත්තා2020 වසරේ දී ඝාතනය කිරීම සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව එම වසරේම අත්අඩංගුවට පත් වූ පුද්ගලයකු බවත් එම නඩුවේ සැකකරුවෙකු ලෙස සැකකරු නම් කර ඇතැයිද පොලිසිය කියයි.
අඩංගුවට ගත් සැකකරු පෙරේදා 19 මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24 වෙනි දක්වා රඳවාගෙන ප්‍රශ්න කර වැඩිදුර විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
20
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘හරක් කටා ‘ගේ ප්‍රධාන ගෝලයෙක් සී අයි ඩී බාරයට
rocky Monday, 20 September 2021 04:47 PM
හරක් කටා පුදුම නම්