(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල නායකයකු වන මිදිගම චින්තක නොහොත් හරක් කටාගෙ ප්‍රධාන ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු අවි ආයුධ රැසක් සමග ඊයේ රාත්‍රීයේ අහංගම ,රිදීගම නැගෙනහිර ,දම්මල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි.
සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන සැකකරුට අවි ආයුධ ලබා දුන් පුද්ගලයා ද සිටින බව පොලීසිය කියයි.
එම සැකකරු සමඟ මිලිමීටර් 0.22 උණ්ඩ යොදන කළු පැහැති පෑන් පිස්තෝලයක් ,ටී 56 මැගසින් 1 ක් ,ටී 56 ජීව උණ්ඩ 22 ක් ,ටී 56 බයිනෙත්තුවක් හා කඩු 3 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිගම පොලිසිය වෙත භාර දී ඇත

COMMENTS
දිනපතා අල්ලනවා විතරයි. මේවයි නඩු අහනකොට මේවට දඬුවම් දෙනවද කවුද දන්නේ? නිකන් හිරගෙවල් පුරවාගන්න එක විතරයි කරන්නේ..
හරක් කටා මහත්මයාට කොරෝනා බෙහෙත් විදින්නේ නැතෙයි.. පාර්ලිමේන්තුවේ කට්ටියට විදිනවා නම් අපට නැත්තේ මොකද?