
(යොහාන් භාසුර)
දූෂණය පිටුදැකීම සඳහා කිසිදු කාර්යක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය එළිදැක්වූ නවතම දූෂණ සංජානන දර්ශකය හෙළි කර තිබේ.
දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 බෙහෙවින් දූෂිත සිට ලකුණු 100 ඉතා පිරිසිදු යන ආකාරයට ශ්‍රේණිගත කරන අතර පසුගිය වසරේ (2021) ශ්‍රී ලංකාව ලබාගත් අගය 37 කි. ශ්‍රී ලංකාව 2020 වසරට වඩා ස්ථාන අටක් පහතට වැටෙමින් 2021 වසරේ 102 වන ස්ථානයට පත්ව තිබේ.
ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13 කින් ලබාගත් තොරතුරු පදනම්ව ලොව පුරා රටවල් 180 ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් මෙහිදී සැළකිල්ලට ලක්කර තිබේ.
ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය ලකුණු 88 බැගින් ලබා දර්ශකයේ පෙරමුණේ සිටින අතර සිටින රටවල් වන අතර දකුණු සුඩානය ලකුණු 11 ක් ලබා අවසන් ස්ථානයේ පසුවෙයි. සෝමාලියාව සහ සිරියාව ලකුණු 13 බැගින් ලබා සිටියි.
COMMENTS
හොරකම දැකදැක තමයි හොරුන්ටම තමයි අපේ බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙන්නේ...!!!
මේ රට කිසිදිනෙක හැදෙන රටක් නොවේ. මෙවැනි රටකට කිසිදිනක විදේශ ආයෝජකයින් පැමිණෙන්නේ නැහැ..
ඔව්, ඔව්... හොඳටම කරපු එක්කෙනයි, මොල හතෙන් ගහපු එක්කෙනයි සමානව බෙදාගන්න තමයි දැන් තියෙන්නේ... හෙනම ආඩම්බරයි අප්පා...
දූෂණය යන්නෙන් මෙහි අර්ථ දැක්වූයේ නම් යහපති... විනිවිද බලන මෙම සංවිධානය යැපෙන්නේ කාගේ අරමුදල් වලින්ද කියා ද අර්ථ දැක්වූයේ නම් මැනවි... කවර වකවානුවක සිට මෙම තත්ත්වයට ලංකාව පත් වී ඇත්දැයි විග්‍රහ කලේ නම් මැනවි.
නමට විතරයි.., කිසිම විනිවිද භාවයක් නැහැ...
අපි නම් ඔය ගැන දැනගෙන හුඟාක් කල්, කැකිල්ලේ රජාගේ කැලෑ නීතිය කාලේ..?
යල් පැනගිය දණ්ඩ නීති සංග්‍රහයක් තියෙන රටකට මේ තත්වයෙන් ගොඩ එන්න ලේසි නෑ.
දේශපාලකයින්ට දූෂණය ගැන වගක් නැත්තේ ජනතාවටත් ඒක එච්චර ගාණක් නැති නිසා බව කී දෙනෙක්ට හිතෙනවාද? අපේ රටේ සමහර මුදල් හදල් නැති අය මනෝ රාජ්‍යයන් මවාගෙන දේශපාලකයින් පසුපස ලුහුබඳිද්දී එයින් හොඳම දුෂ්ඨයා දේශපාලකයාට ළංවී යටිමඩි ගහනවා. අන් අය විසිවෙනවා. මේ අතර උගත්, වැදගත් යයි කියාගන්න අයත් ඉන්නවා. ෂේප් එකේ ආණ්ඩුවේ තනතුරු අරගෙන වැඩ නොකර වෙනත් වාසිත් ලබාගන්න. ඒකනේ රුපියල් 10000 හොරකම් කරපු මනුස්සයින් විතරක් හිරේ යන්නේ... මේ සංස්කෘතිය වෙනස් කළොත් මිසක් ඔළු මාරුවෙන් මේ ක්‍රමය දිගටම යනබව කාටත් පේනවා. ඒත් කුවේණිගේ සාපය නිසාදෝ, විජයගේ පරපුර එන්න එන්න ලෝකෙටම බොරුකාරයින් වෙනවා වගේ...
හරියට හෙව්වා නම් අපි තමයි අංක එක...