IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හේමසිරි - පූජිත වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවයි

(ජයන්ත සමරකෝන්)

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු දෙදෙනා අද (09) සවස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසු එහි ලියාපදිංචි කර වැලිකඩ බන්ධනාගාර රෝහලට යාබදව පිහිටි විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවා ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.

සැකකරුවන් දෙදෙනා බාරව ජේලර්වරයකු සහ සැරයන්වරයකු යොදවා සිටින බවද පැවසේ.

මෙම සැකකරුවන් රඳවා සිටින ස්ථානයේ මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව යන මහත්වරුන් දෙදෙනා ද  රඳවා සිටි බවද දැනගැනීමට තිබේ.



අදහස් (19)

හේමසිරි - පූජිත වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවයි

chandima Wednesday, 09 October 2019 06:16 PM

ඔය කියන්නේ අර වායු සමනය කරලා, තියෙන සුඛෝපබෝගී නිල නිවාසේ නේද? ඔහොම ටිකක් විවේක ගත්තාවේ..., නැතිනම් කාදිනල් තුමාව රවට්ටන්න බැරි වෙනවා.

:       373       392

ලසන්තThursday, 10 October 2019 07:46 AM

මෙය ඉතා විශේෂ තැනකි. කොටින්ම කියතොත් භාවනා කරලා පංච අභිඥ්ඤා අෂ්ඨ සමාපත්ති ලැබූ ඍධිමතුන්ට පවා මෙයින් පිටතට යා නොහැකිය.

:       0       3

chandimaThursday, 10 October 2019 12:27 PM

ඍධියෙන් යන්නේ මොකටද? ගෝලයෝ දෙන්නෙක් දීලා ඉන්නේ ඕන දෙයක් ගෙන්නගන්න...

:       0       0

ගොන්ගාලේ ගොඩබණ්ඩාThursday, 10 October 2019 09:58 AM

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විතරක් නොවෙයි හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් ඉන්නවදෝ කියල මට හිතෙන්නේ එයා ඡන්දෙ ඉල්ලන්න නිසා නොවෙයි. එයත් දැනගත්තේ පත්තරෙන් කියපු නිසාත් විටින් විට වෙනස් කතා හදමින් හැසුරුන විදිහ ගැන තිබෙන සැකය නිසාත්.

:       0       30

iraan Wednesday, 09 October 2019 08:00 PM

මේ දෙදෙනා දේශපාලකයන්ගේ උවමනාවට සිරකරුවෝ ඉදිරි මැතිවරණයෙන් මෙවැනි අසාධාරණයන්ට කතිරෙන් පිළිතුරු දෙවි .

:       4       35

karunaapala Wednesday, 09 October 2019 08:01 PM

කරුමය රජෙකුට උවත් පල දේවී කාටත් මේවා හොද පාඩම්

:       0       53

jiliyan Wednesday, 09 October 2019 08:06 PM

අනුන්ගේ පවු අසරණයන් ගේ අතින් යවන රටක් මේ

:       0       89

amila Thursday, 10 October 2019 02:39 AM

මෙදා පාර ජේලර් මහත්තයා ගුටිකයිද? සැරයන් මහත්තයා ගුටිකයිද? නැතිනම් ලේකම් තුමා ගුටිකයිද? කට්ටියටම උදේට භාවනා කරන්න කියන්න වෙනවා.

:       12       61

රවින් Thursday, 10 October 2019 03:13 AM

මේවා ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තීරණ. මේ දෙන්නාගේ වරද? ලැබුණු තොරතුරු ක්ෂණිකවම නිසි තැන්වලට ලබා නොදීමෙන් හානියකට සහභාගී වීම? ඔං ඊයේ පෙරේදා පත්තරවල තිබුනා ලැබුණු තොරතුරක් සම්බන්දව ක්ෂණිකව බලපෑ හැකියි තම මට්ටමින් තීරණය කර අවශ්‍ය පියවර ගත්තායි දෙදෙනෙකුගේ වැඩ තහනම් කරලාලු. පළමු දෙදෙනාගේ වරද ආපහු වේයැයි සිතා වලක්වාගැනීමට උත්සහා කිරීමත් වරදක්. කාට කියම්දෝ ???

:       0       42

පිටිගල මිලානෝ Thursday, 10 October 2019 03:35 AM

ධර්මරාජ මහත්තයා ඉන්නේ බන්ධනාගාර නිල නිවාසයේ විශේෂ කුටියක පත්තරේ සහ රූපවාහිනිය බලමින්... හැබැයි භාවනා කරන්නේ නම් නැතිලු...

:       1       5

sumith Thursday, 10 October 2019 03:37 AM

අර මොකෝ ඩබල විශේෂ ස්ථානයක...

:       1       63

sharm warn Thursday, 10 October 2019 04:00 AM

එතකොට මේ දෙන්න විතරම ද වැරදි කාරයෝ ?

:       0       90

samThursday, 10 October 2019 08:49 AM

නැත. නමුත් මේ දෙදෙනා කොතරම් අපිට වඩා උඩින් හිටියත් මේ දෙන්නට වඩා උඩ අයත් ඉන්නවා. එතකොට මිටි තැනින් දිය බහිනවා කියන කියමන මේ දෙන්නට අදාළ වුණා.

:       0       6

Chanakya Thursday, 10 October 2019 05:02 AM

මෙම ක්‍රියා පටිපාටියේ වැරැද්දක් දකිමි. පරිපාලන යාන්ත්‍රණයක් තුළින් පොදු වරදක් සිදුවුණොත් එම යාන්ත්‍රණයේ එක් පුද්ගලයකු අරගෙන ඔහුට දඬුවම් දීම මගින් නියම වරදකරුට දඬුවම් දුන්නේ යැයි සතුටු විය හැකිද? පරිපාලන යාන්ත්‍රණය දම්වැලක් මෙනි. දම්වැලේ මුලත් නොවන, අගද නොවන යම් පුරුකක් මුළු දම්වැලටම සම්බන්ධ නොවේ යයි කියන්නේ කෙසේද? දම්වැල කැඩෙන්නේ එම පුරුක නිසාමද?

:       0       4

ආන්ජලෝ නුගාරා Thursday, 10 October 2019 05:55 AM

ආන්ඩු පත්විම් ගන්නේ නිකං ඉඳලා වැටුප ගන්නයි. එය අවභාවිතා කරන්නයි. පූජිත පත්වූ දා පටන් කලේ දේශපාලන කතා. හේමසිරි බැංකුවෙත් ඉන්නවා. ආරක්ෂක ලේකම්කමේත් ඉන්නවා. වගකිම් ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ.

:       1       14

Sam Thursday, 10 October 2019 07:20 AM

ඡන්දෙ ඉවර වෙනකම් ජනතාවගේ හොඳහිත ගන්න සිරිසේන දාපු ඩීල් එකේ කොටසක් නොවේද මෙයත්...!

:       0       15

Samithasena Aluthgamage. Thursday, 10 October 2019 07:56 AM

මේ දෙදෙනාටත් වඩා සිද්ධියට අදාල විශේෂයෙන්ම වගකිවයුතු විෂය බාර කෙනා නිදැල්ලේ සුවසේ පසුවෙනවා.නීතියට අනුව ඔහුත් මොවුන් සමගම ඇතුලේ සිටිය යුතු උනත්,විධායක බලය විසින් නීතිය අවනීතිය වී ඇති බවක් පෙනේ.අහෝ ! නීතියේ දෙවඟන............

:       0       31

samanwimal Thursday, 10 October 2019 10:26 AM

සරණ අත්අඩංගුවට ගන්නට උපදෙස් දිදී හිටිය නීතිපති දෙපාර්තමේන්තුවේ නිතීඥ සහ ඔහුගේ ඉහළ නිලධාරින්ට දඬුවම් නැතිද? වැටුප් වැඩිවීම් පමණද?

:       0       0

anura Thursday, 10 October 2019 02:25 PM

එතකොට ආරක්ෂක ඇමැති, උප ඇමැති, රාජ්‍ය ඇමැති අත් අඩංගුවට නොගන්නේ කුමන හේතුවක් නිසා ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29057 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18215 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11373 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 704 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site