(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයවලුන් තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගනු ලැබීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
COMMENTS
අයියෝ මෙහෙමත් පවක්... පව් මේ අහිංසකයෝ දෙන්නා.
රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න අයට ඡන්දය ප්‍රකාශ කරන්න විදියක් තියෙනවද ලංකාවෙ ?
වග කියන්නේ දෙන්නද?
සිල්රෙදි නඩුවේදී නම් ඒ නිලධාරීන් දෙන්න නිසැකවම ලොක්කගේ නියෝග ක්‍රියාත්මක කරන්න ගිහින් අමාරුවේ වැටුණානේ. මෙතැනදී මේ දෙන්නට කවුරුත් එහෙම උපදෙස් දීලා නැහැ නොවැ... නිසි පියවර ගන්න එපායැ කියලා. අනික් ලොක්කන් ප්‍රහාරය ගැන දැනුවත්ව හිටි බව අපිත් පිළිගන්නවා. නමුත් රාජකාරිමය වගකීම තිබුණේ මේ දෙන්නටනේ... ඒ හින්දා මේ ඉන්නේ අහිංසකයන් යැයි කියන්න පුළුවන්ද?
කලකම් පලදෙනවා කියන්නේ ඕකට තමයි. කවුරු වරදක් කලත් සැඟවීමට තැනක් නැහැ කියා බුදු දහමේ දැක්වෙනවා නේද? මට හිතෙනවා හේමසිරි මහතා විශ්‍රාම ගිය නිලධාරියෙක් නැවත සේවයට පැමිණ මෙයට අසුවුණාද කියලා...
කවදත් දේශපාලන පත්වීම් කියන්නේ පිරුවටේ වගේ නේ. දැන් ඊටත් අන්තයි. කෙලින්ම "කිව්වද නහී නොකිව්වද නහී " තත්වයක් .. කොහොම උනත් මේ දෙන්නා ගැන මටත් හරි දුකයි මොකද මීට උඩින් ඉන්න අණ දියයුතු අය ලස්සනට සුදු ඇදගෙන සිල්වන්ත පින්තුරයක් මවනවා. මේ වගේ උගත් ජේෂ්ට නිලධාරින් කීදෙනෙක් අද මෙහෙම කම්බි කුරු ගනිනවද දේශපාලුවෝ නිසා... ඉතින් රටේ ඉන්න උගතුන් පන බේරා ගන්න රටින් යන එක අහන්නත් දෙයක් ද ...