IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හේමසිරි - පූජිත් බලන්න අවසර ඥාතීන්ට පමණයි

(ජයන්ත සමරකෝන්)

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් දෙදෙනා හමුවීම සඳහා ඉඩකඩ ලබාදී ඇත්තේ පවුලේ සමීප ඥාතීන්ට පමණක් බව බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඔවුන් දෙදෙනා මේ වනවිට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ  කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය බාරයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට යාබද ස්ථානයක රඳවා සිටින බවද, ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා පිටස්තර පුද්ගලයන්ට ඔවුන් හමුවීම සීමා කර ඇතැයිද එම නිලධාරියා කීය.



අදහස් (6)

හේමසිරි - පූජිත් බලන්න අවසර ඥාතීන්ට පමණයි

Raveendra Friday, 11 October 2019 08:00 AM

තනතුරු නිලතල වලින් නිතිය අපි නැමුවානේ..// එදේය කලෙත් ලොක්කන්ගේ හිතසුව පිනිසමනේ ..// දැන්නම් දැක්කේ නැහැ එක ලොක්කෙක්වත් පෙන්නේට..// දැක්ක සැවොම කෑමොර දෙනවා වේදිකාවේ යස අගේටම..//

:       1       27

sirimal Friday, 11 October 2019 08:08 AM

අර එල්ලුම් ගහට නියමවෙලා ඉන්න කෙනෙකුට ලැබිල තියෙනවාය කියන බරපතල දඬුවම වගේ මේ දෙන්නටත් චීන හෝටලයකින් ආහාර සැපයීමත් කෙරෙයිද ?

:       19       60

Prabha Friday, 11 October 2019 08:29 AM

සිරිමල් මේ දෙන්නා සැකකරුවන් මිස දඬුවම් විඳින්න නොවේ හිරබත් කන්නේ.

:       0       20

suran Friday, 11 October 2019 08:40 AM

කෑම එළියෙන් ගේන තුරු තලතා මැතිණිය නිදිද?

:       7       14

Sarath R Friday, 11 October 2019 12:09 PM

අද අහවලාට වෙඩි තියන්න යනවා... ගහන්න යනවා. අහවල් තැන ගිනිතියනවා. අතෙන්ට බෝම්බ ගහනවා ආදී වශයෙන් විවිධ මාදිලියේ හොර ඇමතුම්..., ආරංචි ලිපි සහ පණිවිඩ අඩුගානේ සීයකට වැඩි ගණනක් දිනකට පොලිස් මූලස්ථානයට සහ අනිකුත් පොලිසිවලට ලැබෙන බව මා හිතවත් උසස් පොලිස් නිලධාරියෙක්ගෙන් මට දැනගන්නට ලැබුණි. මේ සියල්ල හොයන්නට ගියොත් පොලිසියට වෙන කරන්න කාරියක් නොවන තරම්ය. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයට මෙවැනි දෑ ලැබෙන්නේ කලාතුරකිනි. එවැන්නක් මාධ්‍යය ඉදිරියේ සුළුකොට තැකීම එම ලේකම්වරයාගේ රාජකාරිය නොවේ. ඔහු මෙය වහාම පහළ සියලුම අංශ දැනුවත්කර නිසි පියවරගත යුතුය. එබැවින් පොලිස්පතිට මේ සම්බන්ධව දඬුවම් කිරීම පසෙකලා ලේකම්ට පාඩමක් දීමෙන් අනෙකුත් වගකීම් සහිත රජයේ නිලධාරීන් තම රාජකාරිය අවැසි තැන්වලදී නිසි පරිදි ඉටුකරනු ඇත...

:       2       52

thilak Friday, 11 October 2019 04:01 PM

මෙහි ප්‍රධාන සැකකරුවන් දේශපාලකයන් , නමුත් ඇඟිල්ල දිගු වුයේ නිලධාරීන්ට, අපි අනුකම්පා කල යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site