(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (12) පෙරවරු 11 ට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලීමට නියමිතය.
පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කර ඇති විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය.
මෙම පෙත්සම් විභාගයේ දී හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටී.
අවසන් වරට ශ්‍රේෂ්ඨාධිකරණ මෙලෙස සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් කැඳවනු ලැබුවේ ඉකුත් වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහාය.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හේමසිරි - පූජිත්ගේ පෙත්සම් 11 ට සළකා බැලෙයි
Kumar Friday, 12 July 2019 03:57 PM
ඔය බොරු නඩුව ඉවත දැම්මොත් තමා හොද.