IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


හේමසිරි - පූජිත්ගේ පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක්

(තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ)
 පාස්කු ඉරිදා කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එරෙහිව ගොනු වී ඇති සියලූම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සේ සළකා එම පෙත්සම්  විභාග කිරිමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (8) තීරණය කරනු ලැබීය.
 
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇති සෙසු විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ , සිසිර ද අබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන , එල්.ටී.බී.දෙහිදෙණිය , මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය.

සියලූ පෙත්සම් සිකුරාදා (12) මෙම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු තහවුරු කිරීමට නියමිතය.
 
එම ප‍්‍රහාරයේ සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න , සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් , සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා , නාගානන්ද කොඩිතුවක්කු , ජූඞ් පෙරේරා , නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද , පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි ඇතුළු පිරිසක් ගොනු කළ සියලූ පෙත්සම් මෙදිනට සළකා බැලීමට නියමිතය.
 
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  කැඳවූ අවස්ථාවේ මේම පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට අගවිනිසුරුවරයා තීන්දු කළ බව  විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා නිල වශයෙන් විවෘත මීට පෙර අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
 
එහිදී විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා විවෘත අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ මෙම සියලූ පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් සේ සළකමින් ඒවා සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කළ බවය.මෙම පෙත්සම් මීට පෙර අවස්ථාවන්හීදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් ඉල්ලා සිටියේ පෙත්සම් සියල්ල පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලෙසයි. නීතිපතිවරයා ද මීට අදාළව මෝසමක් ද අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
 
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හි  වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සම්කරුවන්  වෙනුවෙන් නීතීඥ ගාමිණී පෙරේරා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන,ජනාධිපති නීතීඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහත්වරුන් පෙනී සිටියහ.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය පෙනී සිටියාය. වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න සහ නීතීඥ විරාන් කොරයා යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (2)

හේමසිරි - පූජිත්ගේ පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක්

sam Monday, 08 July 2019 11:27 AM

ඔක්කොම කුණු කන්දල් මේ දෙන්නගේ පිටින් ඇරලා අනිත් උදවියට ගැලවෙන්න ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තු කාරක සභාවේ දේවල් වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවයි කියලා ඇත්ත වසන් කරන්න හැදුවට මේ නඩු විභාගයේදී ඊට වඩා දේවල් කොයිකාටත් දැනගන්න ලැබේවි...

:       0       2

Rata Perata Monday, 08 July 2019 12:52 PM

3, 5 කරලා මේ කරන්න යන්නේ මොකක්ද කියලා මොලේ කළඳක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා. හැමදාම දෙවන පෙළ කලේ පළමු පෙළ රකින එක තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 669 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site