(දිලීප් ජයසේකර)
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5 ක් ද මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.
මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ, පාට කෙසේවත් අදාල නැත. මෙවන් අය ඇතුලට දමා බැද දැමිය යුතුමය. එවිට අනිකුත් සියලුම පාට,පක්ෂවල "වැරැදි කරන්නන් " ද සුළුවෙන් හෝ පාඩමක් ඉගෙනගනු ඇත.
උසාවියෙන් වැරදිකරුවෝ කරලා හිරේ යවපු මිනිසුන්ට ඇප ගන්න පුලුවන්ද ? මේවා දකිනකොට මට හිතෙනවා අර රන්ජා කියන කතාව සාධාරණයි කියලා.
කොච්චර දඩුවම් ලැබුනත් සල්ලි තිබේ නම් ඇප ගැනීම හරිම ලේසියි. මතකනේ සිල් රෙදි එකේ දෙන්නත්. එයාලත් ඔය ඇප අරන් යහතින් ඉන්නේ. වැඩිකල් යන්න ඉස්සෙල්ලා මිනිස්සු නීතිය අතටම ගන්නවා.
නොවැම්බර් මැද ඉඳල මේ මනුස්සය සෙල්ලම් පිස්තෝල නෙමෙයි සෙල්ලම් ටි 56 අරන් පාරේ ගියත් පුදුම වෙන්න එපා හොඳේ .
මේ රටේ දේශපාලකයෙක් වෙන්න එක ලොකු පිනක්. වාසනාවක්. දඬුවම් දීලත් ආපහු ඇප ලැබුණු එක? ළඟදී ශ්‍රී රංගාට, විජයකලාට, ලලිත් වීරතුංගට, දැන් මෙයාට ඇප ලැබුණු විදිය?
මේ අය (ලලිත් වීරතුංග , එරාජ් ) විපක්ෂේ ඉන්නකොට මෙහෙම නම් ආණ්ඩු පක්ෂෙට අවොත් කොහොම හිටීවිද ? සමහරවිට අර සුද්දා මරලා සුද්දි දුෂණය කරලා ඇතුලේ ඉන්න තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිත් ඇප පිට හෝ සම්පුර්ණයෙන්ම නිදහස් වෙලා එලියට ඇවිල්ලා නැවත වැඩ පටන් ගනිවී.
ඡන්දයට වැඩ කරන්න තියෙනවානේ. ඇතුලේ ඉඳලා කොහොමද? තව තව කට්ටිය එලියට ඒවි.
අපේ රටේ පාර්ලිමේන්තුවටත් වැඩිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ අධිකරණය. එක එක්කෙනාට ඕන විදියට නඩු තීන්දු. සමහරු නඩු අහන්න බෑ කියලත් යනවා. පුදුම රටක්.
සෙල්ලම් පිස්තෝලයක් ගිය දුරක්....
දෙනොදහසක් බලන් ඉන්දැද්දී පිස්තෝලයක් අරන් බස් එකක් පස්සේ පන්නවා, මේවා කැමරා කිහිපයකින්ම වීඩියෝ කරලා, මෙහෙම පැහැදිලි සාක්ෂි තියෙන නිසා මහේස්ත්‍රාත්තුමා තීන්දුව දීලා තිබෙන්නේ , එහෙම කරලත් ඇප ලැබෙනවානම් කියලා වැඩක් නැහැ