
(යොහාන් භාසුර)
හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත වේගවත් කිරීම සඳහා ඒකාබද්ධ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා සහ හම්බන්තොට වරාය සමූහයේ ආයෝජන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැංගේ මහතා ඇතුළු කණ්ඩායමක් බීජිං නුවරදී පැවැත්වූහ.
එම නිලධාරීහූ හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සහ ශ්‍රී ලංකාව සහ චීන අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
COMMENTS
බලාගෙන ට්‍රැෆික් පොලිසියෙන් අල්ලයි, වේගේ වැඩියි කියලා...
මේ කියන හාදයා චීනයේ මොනවා කරනවද කියලා තවම හරි ආරංචියක් නැහැ... නමුත් ඇමෙරිකාවේ හිටපු කාලයේදී නම් කලේ බාර් ගානේ ගිය එකයි. මම මේ වගකීමෙන් කියන්නේ. රට වෙනුවෙන් කිසිදෙයක් නොකළ අය චීනෙට යවලා මොනවද මේ මෝඩ රජය බලාපොරොත්තු වෙන්නේ...?
ඔය පුරවරයට ජලය සැපයීමට නේද තිස්ස වැව හාරලා ජල ධාරිතාව වැඩි කරන්න යන්නේ... මූලිකයා? උමා ඔය, සිංහරාජ වැව්... මිනිස්සුනේ කල්පනා කරපල්ලා...