(ඉන්දිකා  රාමනායක) 
 
යතුරු පැදියකින් ගොස්   මත්තෙගොඩ  කිරිගම් පමුණුවේ දී  වෑන් රථයක් කොල්ල කා  එම වෑන් රථය ද සමඟ පලායන අවස්ථාවේ  පානදුර පිංවත්ත ප‍්‍රදේශයේ දී   හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය  කොල්ලකරුවෙක් කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධ  කල්ලි සාමාජිකයාගේ  ගෝලයකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.

 
බලංගොඩ මෙගොඩ කිරිදියගල පදිංචි  කෝදාගොඩගේ පි‍්‍රයන්ත (47) හෙවත් ‘‘ඔවුටා’’ වශයෙන් හදුන්වන මෙම සැකකරු    කොස්ගොඩ තාරක නැමැත්තා සමග එක්ව මිරිහාන ප‍්‍රදේශයේ  බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති පුද්ගලයෙක් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.